Colombo Today Local News

උඩුවේ හිමියන් වහාම අත්අඩංගුවට ගන්න නීතිපති දන්වයි!

අලි පැටියෙකු කිරුලපන ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ තබා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා ලෙස නීතිපතිවරයා දැනුම් දී ඇතැයි රහස් පොලීසිය කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත දන්වා ඇත.

ඇලන් මැතිනියාරාමයේ තබාගෙන සිටින අලි පැටියෙකුගේ නීත්‍යානුකූල අයිතිය තහවුරු කර ගැනීමට නොහැකි වූ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පැමිණිල්ල කැදවනු ලැබූ අවස්ථාවේ මේ බව දැනුම්දුන් රහස් පොලීසිය අත්අඩංගුවට ගැනීමට පෙර උන්වහන්සේගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසටද උපදෙස් දී ඇතැයි වැඩි දුරටත් දැනුම් දී ඇත.

රහස් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පසුගිය වසරේ ජනවාරි මාසයේදී කිරුලපන, ඇලන් මැතිනියාරාම පන්සලේ සිටියදී වයස අවුරුදු දෙකහමාරක් පමණ වයසැති අලි පැටවෙකු රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, එම අලි පැටවා රුපියල් ලකෂ 59ක් පමණ වටිනා බව රහස් පොලීසිය පවසයි.

Related posts

ඇලෝසියස්ගේ අරක්කු සමාගමට රජයෙන් විශේෂ බදු සහනයක් !

colombotoday

මෛත්‍රී ට වාරණ නියෝගයක්

Admin

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

සැමියාගේ ව්‍යාපාරයට මාර්බල් බීච් ඉඩම් කොල්ල කන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය

colombotoday

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි.

colombotoday

රාජ්‍ය ඇමැතිවරුන්ට වැඩ පවරා ජනපති චීනයට යයි

Admin