Colombo Today Local News

මහ සයුරේ දැවැන්තයෙක් මගීන් 1176ක් රැගෙන මාගම්පුර වරායට

හම්බන්තොට වරායට මෙතෙක් පැමිණෙන විශාලතම සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව ඉරිදා(08) වරායට පැමිණීමට නියමිතය. ඒ නෙදර්ලන්තයට අයත් අධි සුඛෝපභෝගි එම්. එස්. රොටඩෑම් නෞකාවය. මීටර් 238ක දිගින් යුත් එම නෞකාවේ කාර්ය මණ්ඩලය පමණක් 600 ඉක්මවයි. ඉන්දියාවේ කොච්චින් වරායේ සිට පැමිණෙන එම නෞකාව ඉරිදා උදෑසන 8ට හම්බන්තොට වරායේ නැංගුරම්ලෑමට නියමිතව ඇති අතර නෞකාවෙන් මෙරටට පැමිණෙන මගීන් සඛ්‍යාව 1176කි.

මීට පෙර හම්බන්තොට වරායට පැමිණි විශාලතම මගී ප්‍රවාහන සංචාරක නෞකාව වූයේ යුරෝපා – 2 නෞකාවයි. මීටර් 226ක දිගින් යුත් එම නෞකාව පසුගිය 29 වනදින හම්බන්තොට වරායට පැමිණියේය. ලබන 7 වැනිදින හම්බන්තොට වරායට පැමිණෙන එම්. එස්. රොටඩෑම් නෞකාවද 1500කට ආසන්න මගීන් ප්‍රමාණයකට පහසුකම් ඇති ලොව පුමුඛ සුඛෝපභෝගි නෞකාවකි. හම්බන්තොට වරායට එවැනි සුඛෝපභෝගි නෞකා මේ වනවිට 13ක් පැමිණ තිබේ. වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ හම්බන්තොට වරායට මෙලෙස සුඛෝපභෝගි මගී ප්‍රවාහන සංචාරක නෞකාව පැමිණීමේ නව ප්‍රවණතාවක් වර්ධනය වෙමින් පවතින බවයි. එය හම්බන්තොට අවට කලාපයේ ආර්ථික සංවර්ධනයට මහඟු පිටිවහලක් වී ඇතැයිද අමාත්‍ය රණතුංග කියා සිටියේය.

“හම්බන්තොට වරාය, වරායක් ලෙස දියුණු කිරීමේදී අංශ කිහිපයකින් අවධානය යොමු කළ හැකියි. එකක් හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාප බිහිකිරීම. දෙවැන්න වරාය ආශ්‍රිතව සංචාරක කලාප ඇති කිරීම. අපි දන්නවා හම්බන්තොට අවට ප්‍රදේශය ඓතිහාසික සහ සංස්කෘතික වශයෙන් වටිනාකමක් තියෙන ප්‍රදේශයක්. කිරින්ද, කතරගම, සෙල්ල කතරගම උදාහරණ වශයෙන් දක්වන්න පුළුවන්. ඒවගේම බූන්දල, පලටුපාන, යාල සහ උඩවලව වැනි පාරිසරික වශයෙන් වැදගත් ස්ථානත් හම්බන්තොට අවට කලාපයේ තිබෙනවා. බොහෝ වෙලාවට සංචාරයකින් කැමතියි වන ජීවින් නරඹන්න. මේ නිසා ඉදිරියේදී හම්බන්තොට වරායට මගී ප්‍රවාහන සංචාරක නෞකා වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. ඇත්තටම වරායක් ලෙස ගත්විට බහලුම් මෙහෙයුම සේ මගී ප්‍රවාහන සංචාරක නෞකාවලින් අපට ඉහළ ආදායමක් ලැබෙන්නේ නැහැ. නමුත් මගී ප්‍රවාහන සංචාරක නෞකා පැමිණීමෙන් අපට වක්‍ර ආදායම් රැසක් උත්පාදනය කරගන්න පුළුවන්. ඒ නිසා හම්බන්තොට වරායට මගී ප්‍රවාහන සංචාරක නෞකා පැමිණීම ජාතික ආර්ථිකයේ ප්‍රවර්ධනයට වැදගත් කියලා මම හිතනවා…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩිදුරටත් පැවසීය.

Related posts

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin

ඓතිහාසික ජේතවන පුදබිමේ උතුරු දොරටුව ප්‍රදේශය ඩෝසර් වෙයි

colombotoday

වැසිකිළි වාරයකට වට්ටක්කා කිලෝ 4යි.. පොහොර සහනයත් මුලාවක්.. එළවලු ගොවියාගේ ඛේදවාචකය මෙන්න

colombotoday

“නැති දේ ඇති කරන, චාරයක් නැති පුද්ගලයෙක්” – මහබැංකු අධිපතිට රවීගෙන් චෝදනා

colombotoday

අම්මගේ 21හැවිරිදි පෙම්වතා අවුරුදු තුනහමාරක දරුවාට පහර දී මරා දමලා

Admin

මීද්දරමුල්ලේ වෙඩිතැබීම ගැන සෙවූ පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි

Admin