Colombo Today Local News

“යහපාලනය උදාවී තිබෙන මේ මොහොතේ ඕනෑම අයෙකුට තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගැයීමේ නිදහස තිබෙනවා“ – ඇමති වජිර

vajira abewardana

සිංහල හා දෙමළ භාෂා රටේ රාජ්‍ය භාෂා බවත්, යහපාලනය උදා වී තිබෙන මෙම අවස්ථාවේදී ඕනෑම ජාතියක කෙනෙකුට තම තමන්ගේ භාෂාවෙන් ජාතික ගීය ගායනා කිරීමේ නිදහස තිබෙන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ (01)දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් සහ දෙමළෙන් ගායනා කිරීම පිළිබදව ප්‍රශ්න ඇති කර නොගන්නා ලෙස පවසන අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ මීට පෙර පැවති ජාතික උත්සවයකදී භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කර පූර්වාදර්ශයක් ලබා දී ඇති බවයි.

මෙවර ජාතික සැමරුම් උත්සවයේදී භාෂා දෙකෙන්ම ජාතික ගීය ගායනා කරනවාද නැද්ද යන්න මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ලබා නොදුන්නේය.

Related posts

ලබන සඳුදායින් පසු සති 2ක් මංගල ඇතුළු සියලු උත්සව අවලංගුයි

colombotoday

මහින්ද, හමුදාවට එරෙහි ජිනීවා යෝජනා ඉවත දමයි !

colombotoday

‘අපි තව ටිකක් ඉවසීමෙන් යං’

colombotoday

වෙඩි තැබීමකට වනජිවි නියාමකවරුන් දෙදෙනක් අත්අඩංගුවට

colombotoday

මහ බැංකුව කොල්ලකෑ අය සමෘද්ධියත් කොල්ල කන්න හදනවා…

colombotoday

හෙට ප්‍රදේශ රැසකට පැය 18ක ජල කප්පාදුවක්

colombotoday