Colombo Today Local News

පක්ෂ 12ක නියෝජිතයින් ඇමති විමල්ගේ නිවසට

දේශපාලන පක්ෂ කිහිපයක නායකයින්ගේ සහභාගීත්වයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිව‌සේ මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.


සාකච්ඡාව සඳහා නිවසට පැමිණි දේශපාලන නියෝජිතයින් සඳහන් කළේ, පක්ෂ 12 ක නියෝජිතයින් ඒ සඳහා පැමිණ සිටින බවයි.

ඔහුගේ නිවසට පැමිණෙන අතරවාරයේ මාධ්‍යට අදහස් දක්වමින්ය උදය ගම්මන්පිල පැවසුවේ, මීට පෙර අඛණ්ඩව පැවති පක්ෂ නායක රැස්වීම මෑතක සිට නොපැවැත්වීම හේතුවෙන් දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සිදුවන බවයි.

ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් තිබේදැයි, මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු ලෙස ඔහු පැවසුවේ, එවැනි බලාපොරොත්තුවක් නෙැමති බවයි.

තව ද විමල් වීරවංශ මහතාට එල්ල වන චෝදනා සමග මෙවැනි හමුවක් සිදුවන්නේ දැයි, මාධ්‍යවේදීන් විමා සිටි අතර අමාත්‍යවරයා ඊට මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”විමල් වීරංශ මේ ආණ්ඩුව බිහි කරන්න සුවිශේෂි කාර්යක් කළ කෙනෙක් .එයාව කවුරු හරි අවතක්සේරු කරනවා , කියන්නේ කෙලෙහි ගූණ නැති බව ප්‍රදර්ශනය කිරීමක්. බෞද්ධ රටක කෙලෙහි ගුණ නැති අයට කෙළෙහි ගුණයේ පාඩම කියා දෙන්න සංඝ රත්තනය පෙරට ඒම ගැන සිරස නමා ප්‍රණාමය පුද කරනවා”

මේ අතර අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා පැවසුවේ, ආණ්ඩුව බිඳීමට කුමන්ත්‍රණකරුවන් සිටින බැවින් ආණ්ඩුව රැකීම සඳහා මෙලෙස රැස් වන බවයි.

Related posts

බීමත් පිරිසක් සුව සැරියකට පහර දීලා

colombotoday

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

colombotoday

‘ඉතා විශිෂ්ඨ ලෙස ශ්‍රේෂ්ඨ විදිහට අපි ජාතික ආරක්ෂාව බලාගන්නවා… අබ පියල්ලක හානියක් නෑ’

colombotoday

“බල්ලෝ හපා කෑවට අපි බල්ලෝ හපා කන්න යන්නේ නැහැ” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

බෝපිටියේ ඥානාවාස නාහිමියන් අපවත්වෙයි

colombotoday

බ්‍රිතාන්‍යයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් මනීෂා ගුණසේකර

colombotoday