Colombo Today Local News

“ගෝඨාභයව ආදර්ශයට ගන්න.. සිහින විකිණීම නවතා වැඩට බසින්න” උදය ආණ්ඩුවට කියයි

gammanpilaපිවිතුරු හෙළ උරුමය විසින් එම පක්ෂ මූලස්ථානයේ පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදී එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

උදය හෝමාගමට ගියේ ඇයි ?

හෝමාගම උසාවිය අසල සිදුවුණු සිදුවීමට මාව සම්බන්ධ කරන්න විශ්‍රාමික දේශප්‍රේමීන් උත්සහ දරමින් ඉන්න නිසා මේ ගැන කරුණු පැහැදිලි කල යුතුයි. මෙතන වැරදි දෙකක් උනා. පළමුවැන්න රණවිරුවන්ගේ ප්‍රශ්ණයේදී සෘජු තීරනයක් දෙන්න කියල විවෘත අධිකරණයේ නැගී සිටිමින් ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඉල්ලීමක් කලා. ඇත්තෙන්ම මහේස්ත්‍රාත්තුමාට සෘජු තීරණයක් ගන්න නීතියේ ප්‍රතිපාදන නෑ. මොකද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් කෙනෙක් නීතිපතිවරයාගේ එකගත්වයෙන් තොරව මහේස්ත්‍රාත්වරයාට ඇප දෙන්න බෑ. සාමාන්‍ය නීතිය යටතේ අත්අංගුවට පත්වීනම් පොලීසියේ විරෝධතාවය නොතකා ඇප ලබා දීමට බලයක් මහේස්ත්‍රාත්වරයාට තියෙනවා. නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඒක නෑ.

ඒ වගේම උසාවියේ නඩුතීන්දුවක් දුන්නම නඩු තීන්දුවට එකග නැත්නම් ඉහල උසාවියකට අභියාචනා කිරීමට හැකියාව තියෙනවා. දේශපාලන තීන්දු වගේ අධිකරණ තීන්දු බලපෑම් කරල වෙනස් කරන්නට බෑ. මේ පිළිබදව අවබෝධයක් නොතිබීම තමයි මේ කළබල ඇතිවීමට බලපෑවෙ.

ඒ වගේම මේ සමාජයේ ඥානසාර හිමියන් රක්ෂිත බන්දනාගාර ගත කිරීම ගැන කම්පනයක් ඇතිවෙන්න බලපෑවෙ රටේ නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකෙරෙන නිසයි. මන්නාරම උසාවියට ගල්ගැසූ අය තවම නිදැල්ලේ. විල්පත්තු වන සංහාරය කළ අය තවමත් නිදැල්ලේ. මන්ත්‍රීවරියක් පුද්ගලයෙකු පැහැරගෙන ගොස් දින 21ට පසුව තමයි අත්අඩංගුවට ගත්තේ. ඒ ගත් සැනින් ඇප ලැබුනා. ඒවගේම ඇබිලිපිටියේ සුමිත් ප්‍රසන්න ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි තිබියදී අත් අඩංගුවට ගත්තේ නෑ. ඒ අත් අඩංගුවට ගැනීමේ නියෝගය ඊයේ නිකුත්වුනා. අදවත් ඔවුන්ව අත්අඩංගුවට ගනීවි කියල අපි බලාපොරෝතතු වෙනවා.

මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවන පසුබිමක් තුල ස්වාමීන්වහන්සේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සමාජය තුල කම්පනයක් ඇති කලා. නමුත් අපිට නීතිය ක්‍රියාත්මක නොවීමට මිස නිතිය ක්‍රියාත්මක වීම ගැන අපේ විරෝධය පල කරන්න බෑ.

උසාවිය අසල ඇතිවුනු ගැටුමත් එක්ක භික්ෂුන්වහන්සේලා නීතිඥවරු සහ ගිහි පිරිස් අපිට කතාකරමින් කිව්ව මේ අවස්ථාවට මැදිහත්වී මේක සමථයට පත්කරන්න දායක වෙන්න කියල. මොකද මේක අධිකරණයටත් හොද නෑ බුද්ධ ශාසනයටත් හොද නෑ කියල තමයි ඔවුන් කියා සිටියේ.

ඒ වනවිට මා එම් ඩී එච් ජයවර්ධන විද්‍යාලයේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින්. ඒ අනුව මම හවස 5.40ට පමණ එතනට පැමිනියා. ඒ වනවිට මුරුත්තේටුවේ ආනන්ද හිමියන් උඩුවේ ධම්මාලෝක හිමියන් වැනි රට පිළිගත් භික්ෂුන් වහන්සේලා ගනනාවක් මේ ප්‍රශ්නය සමථයකට පත්කිරීමේ උත්සහයක යෙදිල හිටියා.

අපි ඒ හිමිවරුන් සමගත් කතා කරල ඉන් අනතුරුව ඥානසාර හිමියන් ප්‍රකාශයක් කලා තමන් වරදක් කරල තියෙනවා ඒනිසා බන්ධනාගාරයට යන්න ඉඩ දෙන්න කියලා. ඒ අනුව පස්වරු 6 විතර වෙනවිට ප්‍රශ්නය සමථයකට පත්කරගන්න අපිට පුළුවන් වුනා

ලංකා හමුදාව දුර්වල කිරීමේ බ්‍රිතාන්‍ය මෙහෙයුම

බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගිය සතියේ ලංකාවේ හිටිය හිගෝ ස්වේය (hugo Swire) මහතා විසින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරියක වන සියෝ‍ෆෙන් මැක්ඩොනා (Siobhain Mcdonagh) කියන මන්ත්‍රිවරියට ලිපියක් යවනවා ලංකාවේ යුද හමුදාවට පවුම් මිලියන 6.6ක් නැත්නම් රුපියල් මිලියන 200කට මදක් වැඩි මුදලක් දෙනවාය කියලා හිගෝ ස්වේය (hugo Swire) රාජ්‍ය අමාත්‍යවරයා ලංකාවේදී ප්‍රකාශයට පත්කලා. එතකොට කොටි හිතවාදී දෙමළ බලවේග වල පිඩනය හමුවේ ඇයි ලංකාවට සල්ලි දුන්නේ කියලා මන්ත්‍රිතුමිය ප්‍රශ්න කලාම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාගෙන් හිගෝ ස්වේය ඊට උත්තර යවනවා මේ ලිපියේ කියන්නේ ශ්‍රි ලංකාවට මුදල් දෙන්නේ වෙන මොකටවත් නෙවෙයි යුද අපරාධ සම්බන්දයෙන් වග විමේ ක්‍රියාවලියට අවශ්‍ය යටිතල පහසුකම් හදන්න. යුද අපරාධ පරික්ෂණ ඉදිරියට කරන්න හමුදාව තුල සිදුකල යුතු වෙනස්කම් කරන්න. බ්‍රිතාන්‍යය හමුදාව ආදර්ශයට අරගෙන අපේ හමුදාව හදන්නයි හදන්නේ කියලා. කවුද මේ ආදර්ශයට ගන්න හදන්නේ යුද අපරාධ ඉරාකය හා ඇෆ්ගනිස්තානය කල බවට ලෝකය පුරා මාධ්‍ය චෝදනා කිරීම නිසාත් බ්‍රිතාන්‍යය හමුදාව සිදුකල යුද අපරාධ සොයා බලන්න චිල්කොට් කොමිසම පත්කළේ බ්‍රිතාන්‍යය. පත්කල වර්ශය 2010. අපේ රටෙත් ඊට සමගාමිව පත්කලා උගත්පාඩම් කොමිසම. උගත්පාඩම් කොමිසම මාස 16ක් ගත වන විට තමන්ගේ වාර්තාව රටේ ජනාධිපතිවරයාට භාර දෙද්දි වසර 6ක් ගතවෙලත් චිල්කොට් වාර්තාව තාම ලබා දීලා නෑ. හමුදාවෙන් බලපෑමක් තියෙනවා බ්‍රිතාන්‍යය ආණ්ඩුවට රාජ්‍ය රහස් වලට සංවේදි නිසා මෙය හෙළි කරන්න එපා කියලා. අද වෙනතුරු චිල්කොට් වර්තාවේ තියෙන්නේ මොනවද කියලා රට ලෝකය දන්නේ නෑ. අපේ රටේ උගත් පාඩම් කොමිසම හදලා රණවිරුවන්ට දඩුවම්කරලා තියෙනවා, හිරේදාලා තියෙනවා, මරණ දඩුවම නියම කරලා තියෙනවා. එහෙම නම් මේ කිසිත් නොකර බලපෑම් කරලා ඉරාකයේ පමණක් සමාන්‍ය ජනතාව දස ලක්ෂයක් පමණ ඇමරිකාව,බ්‍රිතාන්‍යය ඇතුලු මිත්‍ර හමුදාව මරා දමා තිබෙනවා. මේවා හංගන් ඉන්න බ්‍රිතාන්‍යය ඒ වගේ ලංකාවේ හමුදාව හදනවා කියනවා.

ශ්‍රි ලංකාවේ හමුදාව කියන්නේ ලෝකයේ භායානකම කුරිරු ත්‍රස්තාවාදීන් පරාජය කල විරෝධාර හමුදාව. බ්‍රිතාන්‍යය හමුදාව 1981 දී පොක්ලන්තය යුද්ධය.සති දෙකයි තිබුණේ ඒකට යුද්ධයක් කියන්නත් බෑ ඇවිල්ලා ගහනකොට බ්‍රිතානයට තිබිලා අජන්ටිනාව අල්ලගත්ත පොක්ලන්තය සහ ජෝජියාව කියන දුපත් වලින් අජන්ටිනාව ඉවත් වුණා. 1981 සති දෙකේ පොක්ලන්ත යුද්ධයේ ජයග්‍රහනය හැරුනු කොට කිසිම යුද්ධයක් ජයග්‍රහනය කරලා නෑ. වියට්නාමය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, පැරදුණා. මෙවැනි පැරදුණු හමුදාවක් ආදර්ශයට අරගෙනද අපේ හමුදාව වෙනස් කරන හදන්නේ. ඊළග බෙදුම්වාදී යුද්ධයක් ඇතිවුණ වේලාවක දිනන හමුදාව පරදින හමුදාවක් කරන්නද බ්‍රිතාන්‍යය හමුදාව රට තුලට වද්ද ගන්නේ කියන ප්‍රශ්නය අපිට ආණ්ඩුවෙන් අහන්න තිබෙනවා.මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මෙහේ ඇවිත් බොරු කියලා ගියත් තමන්ගේ රටේ බොරු කියන්නෙ නෑ.හිගෝ ස්වේය (hugo Swire) සියෝ‍ෆෙන් මැක්ඩොනා (Siobhain Mcdonagh) කියන මන්ත්‍රිවරියට යැවු ලිපියහදපු එකක් කියලා හිතන්න පුළුවන් මම එක නිසා මේ ලිපිය මට ලැබුණට පස්සේ ඒ මන්ත්‍රිතුමියගේ නිල වේබ් අඩවියේ ලිපිය ඒ ආකාරයෙන්ම තිබෙනවා. ඒ නිසා මේ ලිපිය ඉතා පැහැදිලි අව්‍යජ ලිපියක්. අපේ යුද්ධය ජයග්‍රහනය කල හමුදාව බ්‍රිතාන්‍යය ආධාර හා උපදෙස් මත පරාජිත හමුදාවක් කරන්න එපා කියලා රටට ආදරේ පිරිසක් විදිහට අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

සිහින විකිණීම නවතා වැඩට බසින්න.

ඒ වගේම තව වසර 15කින් බස්නාහාර පලාත තියෙන්නේ කෙසේද කියන මෙගා පොලිස් සැලැස්ම එළිදක්වන්න නියමිතයි. නමුත් තමුන්නාසේලා දැක්කා වසර 5 කට පස්සේ පසුගිය දා ඇද වැටුනු ධාරානිපාත වර්ෂාවෙන් කොළඹ නගරය යටවෙලා ගමනා ගමනය හිර වුනා. මේ කොළඹ නගරය 2010 ජුනි මාසෙ පාර්ළිමේන්තුවත් යට කරමින් මහ වැස්සක් ඇද හැළුනට පස්සෙ නැවත යටවුනේ නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩට බැස්සා. මාධ්‍ය සන්දර්ශණ පැවැත්තුවෙ නෑ. කෙලින්ම වැඩට බැස්සා. වත්මන් ආණ්ඩුවට කොළඹ නගරය භාර දෙද්දි කොහෙවත් කුණු තිබුනෙ නෑ. යටවුනේ නෑ. අනවශ්‍ය තැන්වල පෝස්ටර් ඇලවුනේ නෑ. පදික වේදිකාවේ වෙළදාම් කලේ නෑ. අනවසර ඉදිකිරීම් සිදුවුනේ නෑ. අද මේ සියල්ලම සිදුවෙනවා. ඒ නිසා අපි මෙගා පොලිස් ඇමතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා වසර 15කින් කොළඹ නගරය සුහුරු නගරයක් කරන්න කලින් 2014 තිබුනු පිරිසිදු පිළිවෙල නගරය යලි අපිට ලබාදෙන්න කියල.

ඒ වගේම කතා වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා ආදර්ශයට ගනිමින් වැඩට බහින්න. එතුමා සිහින විකුණමින් කාලය ගතකලේ නෑ. මාධ්‍ය සන්දර්ශණ පවත්වමින් කාලය ගතකලේ නෑ. නමුත් මුළු ලෝකෙම කොළඹ නගරය ගැන කතාකරන්න පටන් අරන් ලෝකයේ අංක 01 නගරය බවට පත්කරගන්න අපිට පුළුවන් වුනා.

මුල්ගල් ගලවා ගෝඨාභය නාමය හමුදා ඉතිහාසයෙන් ඉවත්කල හැකිද?

අපි දැක්කා ගිය සතියේ ජනාධිපතිතුමන් අබාධිත රණවිරුවන් වෙනුවෙන් අත්තිඩියේ තියෙන මිහිදු සෙත් මැදුරේ පිහිනුම් තාටාකය විවෘත කරන්න ගියා. මේ පිහිනුම් තාටාකය සදහා මුල්ගල තැබන්න යන්න හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමාට හදිසි රුස්වීමක් තිබුණු නිසා එතුමාගේ බිරිද ආරක්ෂ ආමත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි ආයොමා රාජපක්ෂ මැතිනිය තමයි මුල් ගල තිබ්බේ. සේවා වනිතා ඒකයෙන් තමයි අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගත්තේ එක නිසා එතුමියට සම්පුර්ණ සුදුසුකම් තියෙනවා ගිහිල්ලා මුල්ගල තියන්න. මේක විවෘත කරන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හා එම මැතිනියගේ නම සදහන් මුල්ගල අතුරුදහන් වෙලා තියෙනවා. ගෝඨාභය මැතිතුමාගේ නම මුල්ගල් ගලවලා හමුදා ඉතිහාසයෙන් අයින් කරන්න බෑ කියලා අපි මේ ආණ්ඩුවට සිහිපත් කරනවා. ඒ වගේම ආණ්ඩුවය සිහිපත් කරනවා මම කියන්නේ බොරුය කියලා පෙන්වන්න හරි එක ගෙනැල්ලා තිබ්බ තැන සවිකරලා ඡයාරුප අරගෙන මාධ්‍යයට නිකුත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමනි, උදය විමල් ගන්නැද්ද? එන්නැද්ද?

මා මිත්‍ර ඩිලාන් පෙරේරා ඇමතිතුමන් සදහන් කරනවා එතුමන්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරටු කරගත් සන්ධානයක් හදනවා ඒකට විමල්වයි ගම්මන්පිලවයි ගන්නේ නෑ. ඒ දෙන්ගේ නායකත්වයෙන් තියෙන ජාතික නිදහස් පෙරමුණයි, පිවිතුරු හෙළ උරුමයි කියන පක්ෂ දෙක ගන්නේත් නෑ. ජාතික නිදහස් පෙරමුණ සම්බන්දයෙන් මා මිත්‍ර විමල් විරවංශ මහතා උත්තරයක් ලබා දේවි. පිවිතුරු හෙළ උරුම සම්බන්දයෙන් මා පිළිතුරු ලබා දෙන්නම් ඩිලාන් පෙරේරා මැතිතුමනි මිදි වැලට උඩ පැනලා උඩ පැනලා මිදි කඩා ගන්න බැරිවුනු නරියා කියුවෙත් ඔය ටිකම තමයි. ඩිලාන් නරියත් මේ කියන්නේ මිදි ඇබුලයි කියලා තමයි. එතුමගේ සන්ධානෙට අපි ගන්නවාද කියන ප්‍රශ්නය මතුවෙන්නේ අපි ඒ සන්ධානෙට යනවනම් විතරයි. පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වෙලා සතියක් ඇතුලත අභයාරාමයේ පවත්වපු මාධ්‍ය හමුවේ දී මමත් විමල් විරවංශ මන්ත්‍රිතුමත් ඉතා පැහැදිලිව සදහන් කරා මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ නායකයා වී සිටින තුරාවට අපි නැවත සන්ධානයෙන් තරග කරන්නේ නෑ කියලා. අපි එන්නෙ නෑ කියලා මාස 05කට පස්සේ එත් එකතු කරගන්න උත්සහ දරලා දරලා අපි මේ අය ගන්නේ නෑ කියලා කියන්නේ උඩ පැනලා උඩ පැනලා කඩා ගන්න බැරිවුනාම මිදි තිතයි කියුව නරියව සිහිපත් කරමින් කියන එක අපි ඩිලාන් පෙරේරා ඇමතිතුමන්ට සිහිපත් කරන්න ඔනේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රිතුමන් අපිට බැන වැදුනට එතුමාට අමතක වෙලා තියෙනවා අපි පසුගිය2015 ජනවාරි මාසයේ සිට ගොඩනැගුව මහින්ද සුළගට පින් සිද්ධ වෙන්න තමයි බදුල්ලේ ජනතාවට බයේ ජාතික ලැයිස්තුව පිටුපස සැගවුණු එතුමාට පස්සේ දොරෙන් පාර්ලිමේන්තුවට එන්න සිද්ධ වුණේ කියන එකත් අපි එතුමන්ට සිහිපත් කරනවා. අපිට බැනලා ඉතිරි ඡන්ද ටිකත් නැති කර ගන්න එපා කියලා මිත්‍රයෙක් විදිහට එතුමාට පොඩි උපදෙසක් ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

gammanpila

Related posts

සම්මුතිය දෙදරයි ! යාපාගේ කාර්යාලය කබීර් අල්ලා ගනී.. ඇමතිකමේ වැඩ බාර නොගෙන යාපා හැරී යයි..

colombotoday

සූරියඅරණ ගගේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

Admin

රනිල් අගමැතිවීමේ ජය සමරා රවීගෙන් රථ පෙළපාලියක්…

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

උග්‍ර විෂ මත්ද්‍රව්‍ය සමග ඉන්දීය කත කටුනායකදී අත්අඩංගුවට

colombotoday