Articles

මාලි නංගියි, ගරාඡ් මල්ලිලයි කරන හිරිකිත වැඩවලින් මේ රටේ අම්මලා ඉන්නේ හිතේ ගින්දරින්

iraj_nadeesha

බලන්න පිච්චර එකක්‌ නැති උනාම පිච්චර පිස්‌සාට නිකං පිස්‌සු වගේ. මොනව කරන්නද? ඔහේ නිකං ඉන්නවාට වඩා හොඳයි අන්තර්ජාලය පැත්තෙ සැරිසරන එක කියලා හිතල පිච්චර් පිස්‌සා ජාලය පීරුවා. ටික වෙලාවක්‌ ජාලය පීර පීර ඉන්නකොට තමයි පිච්චර් පිස්‌සට අහුඋනේ අපේ රන්ජන් සාලියගෙයි, සමිත නෝනගෙයි අලුත්ම සිංදුව. අර “මං සිල් බිඳගත්තෙ” සිsංදුව. අප්පට සිරි…  මෙන්න බොලේ “ලේඩි චැට්‌ලි” රූබි හෝල් එකට ආවා වගේ. මේ අර රට වෙනස්‌ කරන්න ඕන කියලා පසුගිය කාලෙ වේදිකාවල මොර දීපු මාලි නංගි නේද? සිංදුව බලපු පිච්චර් පිස්‌සට තමන් ගැනම ලැඡ්ජා හිතුනා… මාලි නංගිගෙ විලිබියට මොකද උනේ කියලා නං පිච්චර පිස්‌සා අහන්නෙ නෑ. මොකද නංගි ඒකටත් විලිලැඡ්ජ නැති උත්තරයක්‌ දෙන බව පිච්චර් පිස්‌සා දන්නවා. කොහොම උනත් නංගි ඔයවගේ දේවල් පිච්චර් පිස්‌සට අලුත් දේවල් නෙමෙයි. නමුත් මේක නං අලුත්. මොකද ලංකාවේ කිසිම කෙනෙක්‌ මෙච්චර කාලයකට ගීතයක රූප රචනාවක්‌ මේ තරං හිරිකිත විදිහට කරල නෑ. හැත්තෑව, අසූව, අනූව දසකවල සින්දු හදපු ගායක ගායිකාවො මුල්තැන දුන්නෙ ගීතය, සංගීතයට. නමුත් අද ලංකාවෙ අපේ කට්‌ටිය මුල්තැන දෙන්නෙ ගීතයට, සංගීතයට, ගායනයට නෙමෙයි. රූප රචනයට. සිංදුව හදන්න වියදං කරන ගාණ වගේ දෙතුන් ගුණයක්‌ රූප රචනාවට වියදං කරනවා. සමහර විට එහෙම කරනවා ඇත්තේ ගීතයේ තියෙන අඩුපාඩුකම් රූපයෙන් වහගන්න වෙන්න ඇති. කොහොම උනත් මේ සිංදුවේ රූප රචනයට සම්මාදං වෙච්ච කට්‌ටිය කරල තියෙන්නෙ වැසිකිලියෙ කරන්න ඕන දේ ගෙදර සාලෙ මැද්දෙ කෙරුවා වගේ වැඩක්‌. පිච්චර් පිස්‌සා එහෙම කියන්නෙ හැම දෙයක්‌ම කරන්න ඕන තැනක්‌, පිළිවෙළක්‌, ක්‍රමයක්‌ තියෙනවා. ඔය නංගි පහුගිය කාලෙ වේදිකාවල නැගලා ඉල්ලුවෙ මේ නිදහස නං නංගි එතන තමයි ඕගොල්ලන්ට වැරදුන තැන.

ඔය සිංදුව රූප රචනාවෙ තිබිච්ච දර්ශන ටික පිච්චර් එකක තිබුණා නං පිච්චර පිස්‌සා නංගිත් එක්‌ක තර්කයක්‌ නෑ. නමුත් නංගි සාලෙ මැද්දෙ ඉඳන් පවුලම බලං ඉන්න මාධ්‍යයක නංගි කොහොමද මේක පෙන්නන්නේ? ඇත්තටම ඔය ගරා- කියන හාදයව පොඩිකලේ ඇඳෙන් වැටිලා ඔලුව පොළොවෙ වැදිල ද කොහෙද? නැත්නං මිනිහා ආපු කාලෙ ඉඳන්ම කරේ සේස්‌තරේ කාබාසිනියා කරන එක. මිනිහා හදපු සිංදු ටික දිහා බැලුවම ඒක අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ.

දැන් ඔය සිංදුවෙ රූප රචනාවට අනුව නංගි කරන්නෙ අනියම් සම්බන්ධයක්‌ සාධාරණය කරන එකයි කියලා පිච්චර පිස්‌සට හිතුනා. අපි හිතමු ඔය සිංදුව පෙන්නන්නෙ රූප පෙට්‌ටියෙ කියලා. එතකොට දරුවො එක්‌ක එකට ඉඳගෙන ඕක බලන විලිබිය තියෙන අම්මෙකුට, තාත්තෙකුට පුළුවන් මේක බලන්න හිරිකිත වෙන චැනල් එකකට මාරු කරන්න බැරි රූප පෙට්‌ටිය වහලා දාන්න හරි. ඒත් දෙයියනේ මේක තියෙන්නෙ අන්තර්පාලනයනෙ. ඉතිං කොහොමද මේකට තහංචි දාන්නේ? ඒකනෙ ඉතිං දවස්‌ තුන හතරට ලක්‍ෂ දහයක්‌ මේක බැලුවෙ. පිච්චර් පිස්‌සාට තියෙන ප්‍රශ්නෙ තමයි ඔය ලක්‍ෂ දහයක්‌ දෙනා මේක බැලුවෙ සිංදුව අහන්නද? නැත්තං නංගිගෙ වැඩ බලන්න ද කියලා. ඕනම රංගන ශිල්පියෙක්‌, ශිල්පිනියක්‌ තමන්ගෙ රංගන ජීවිතය වෙනුවෙන් කැපකිරීම් කරන්න ඕන. නමුත් ඒ තැනට සුදුසු විදිහට තමන්ගෙ ජීවිතයට හානි නොවන විදිහට, ගෞරවාන්විත විදිහට. නමුත් මෙතනදි එහෙම කිසිම දෙයක්‌ වෙලා නෑ. අනිත් කාරණාව මේ සිංදුවෙ රූප රචනය කිසිම ආකාරයකට මේ වගේ රූප රචනාවක්‌ ඉල්ලන්නෙ නෑ. මේක මීට වඩා සංවර විදිහට කරන්න පුලුවන්කම තියෙද්දිත් හිතාමතාම තමන් ගැන රටේ අවධානය ගන්න ඕනකමට කරපු දෙයක්‌ කියලා හොඳටම තේරෙනවා. නංගි සතියකට පාරක්‌ කොහොමත් “බුකියට” තමන්ගෙ හෙලුවැලි ඡායාරූප දානවනේ. ඒක ඉතිං ඔය “බුකියෙ” කට්‌ටය හොඳට දන්නවා ඇතිනෙ. මේ ළඟදි නංගි රූපවාහිනී වැඩසටහනකට ඇවිල්ලා කිව්වා එයා නිර්මාණවලට දායකවෙන්නෙ තෝරාබේරාගෙන, හොඳට හිතලා බලලා කියලා. ඒකලු එයා එච්චර පේන්න නැත්තෙ. එක අතකින් ඒ කතාව හරියටම හරි. මොකද නංගිට තෝරා බේරාගෙන, හිතල බලලා රඟපාන්න මේ වගේ හිරිකිත වැඩ ලංකාවෙ කෙරෙන්නෙ නැහැනේ. ඒක නිසා නංගි පේන්න නැහැ. ඉඳල හිටලා හිරි නංගි පේන්න ඉන්නෙ මේ වගේ ඔලුව අවුල් පොරවල් කරන හිරිකිති වැඩවලින් තමයි. තව දෙයක්‌ ඔය නංගි පහුගිය කාලෙ කියලා තිබුණා එයා ආගමට දහමට බොහොම ලැදි කෙනෙක්‌, එයා ඒවාට මුල්තැන දීලා වැඩකරන කෙනෙක්‌ කියලා. ඒ කතා ඇහෙන කොට නං නංගිගේ පිච්චර් පිස්‌සට බඩපැලෙන්න හිනා. මොකද නංගි සිල්පද පහෙන් හතරක්‌ම විතරයි රකින්න කැමති නේද? නංගි ඔය සමහර උපන්දින සාදවලට ගිහින් නටන නැටිලි පිච්චර් පිස්‌සා දැකල තියෙනවා. ඒ නිසා නංගිගෙ සිල් රැකිල්ල පිච්චර් පිස්‌සා හොඳට දන්නවා. කොහොම උනත් නංගි, හැඟිම් තිබුණු පලියට, විලිලැ-ජා නැතිකමට, තමන්ට ඕන ඕන දේවල් කරන්න හදන්න එපා. කළ යුතු දේවල්. කළයුතු තැනදි විතරක්‌ කරන්න හිතට ගන්න තමයි, නංගිගෙන් පිච්චර් පිස්‌සා ඉල්ලන්නේ. මොකද නංගි කාන්තාවක්‌ කියන්නෙ කවදා හරි “අම්මා” කෙනෙක්‌ වෙන කෙනෙකුට. නංගිට ගාණක්‌ නැති උනාට මේ රටේ දහසකුත් අම්මලා තමන්ගෙ දුව ගැන ඉන්නෙ බඩේ ගින්දරෙන්. නංගිලයි, ගරාඡ් මල්ලිලයි කරන හිරිකිත වැඩවලින් ඒ අම්මලගෙ ගින්න වැඩිවෙලා ඒකෙන්ම ඒ අහිංසක අම්මලා පිච්චිලා යනවා.

(දිවයින පිච්චර් පිස්‌සා)

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට, බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයේ යෝජනා

colombotoday

වළලනවාද? දවනවාද? ශරියා ද? සතුරන්ට වඩා ළඟම සිටින ව්‍යාජ මිතුරන්ගෙන් ප්‍රවේසම් වීම වඩා වැදගත්.

colombotoday

යාපනේ ගිය සජිත් ප්‍රේමදාස හා 13 වන සංශොධනය

colombotoday

පූටින්ගෙන් ඇරඹී, ට්‍රම්ප් හරහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, පැරිසිය ඔස්සේ ආසියාව කළඹන මහ ජාතිකවාදී රැල්ලක් හමාඑයි !

colombotoday

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

චාවාකච්චේරි බෝම්බ සිද්ධිය වසන් කර උතුරේ, දකුණේ දේශපාලකයන්.. මේ ඉටු කරමින් ඉන්නේ කාගේ උවමනාවද?

colombotoday