Colombo Today Local News

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජුනි 21 අලුයම 4 තෙක් දීර්ඝ කෙරේ

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා මේ මස 21 වැනිදා අලුයම 4.00 දක්වා දිර්ඝ කරන බව කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව ලබන 14 වැනිදා අලුයම 4.00 ට ඉවත් කිරීමට තිබු සංචරණ සීමා එදිනට ඉවත් නොකෙරෙනු ඇති.

සංචරණ සීමා දිර්ඝ කෙරුණ ද ඇගළුම් වැනි කර්මාන්ත, ඉදිකිරීම් ව්‍යාපෘති හා අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා හැකියි.

ආර්ථික මධ්‍යස්ථාන දැනුම් දෙන දිනවල විවෘත කළ හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කළේ ය.

කෘෂි කාර්මික කටයුතු සහ කාබනික පොහොර වැනි නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

සා. පෙළ විභාග කල් දැමීමේ කිසිදු තීරණයක් නැහැ..

colombotoday

දකුණ ගංවතුරේ ගිලෙද්දී උතුරේ විරෝධතා.. ඒ 9 පාරත් වැසෙයි (Photo)

colombotoday

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

කොරෝනා ආසාදිත විජමු අයි.ඩී.එච් දැඩි සත්කාර ඒකකයට

colombotoday

ස්ර්වාංගයෙන්ම දේශද්‍රෝහිත්වය තැවරුණ මංගලට අභියෝගයක් !

colombotoday

පොලිස් නිලධාරීන් තිදෙනෙකුට පහර දුන් 18ක් අත්අඩංගුවට

colombotoday