Colombo Today Local News

ශ්‍රී ලංකාවේ මගී ගුවන්යානා ඇතුළු වීම රටවල් කිහිපයක් අත්හිටුවයි

ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන්යානා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට කුවේට් රාජ්‍යය තීරණය කර තිබේ.

කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවල් සඳහා එම තහනම පැනවීමට එරට රජය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ද හෙට (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන මගී ගුවන් ගමන් අත්හිටුවන බව ඊයේ (10)දින නිවේදනය කළේය.

මීට අමතරව මැලේසියාව හා මාලදිවයිනය ද මෙරට මගී ගුවන් යානා ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ අතර විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානා මගීන් 75 දෙනෙකුට පමණක් සීමා කිරිමට ශ්‍රී ලංකා රජය පසුගියදා තීරණය කර තිබුණි.

Related posts

නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වීරත්වයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

මගුල් – අවමඟුල් විතරයි වෙන මොකටවත් අවසර නෑ

colombotoday

නොවැ. 15 හා දෙසැ. 7 අතර ජනපතිවරණය අනිවාර්යයි

colombotoday

මුහුණ ටොයිලට් එකේ ඔබා ජරා වතුරෙන් නාවනවා – රිෂාඩ්ගේ බිරිද කරපු තුච්ච වැඩ මෙහෙකාර දැරියක් හෙළි කරයි

colombotoday

දොස්තරලා අද වැඩ වර්ජණයේ

colombotoday