Colombo Today Local News

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

මෙතෙක් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා විසඳූ සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ග්‍රාම නිලධාරීන් වෙත ලබාදීම සම්බන්ධව රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

ඒ අනුව පළමුවෙන් කෙරෙනුයේ ග්‍රාම නිලධාරීන් සාම නිලධාරීන් ලෙස සවිබල ගැන්වීමය.

මෙතෙක් පොලිසිය සතුව තිබූ පොලිස් බලතල ක්‍රියාවට නැංවීමට ග්‍රාම නිලධාරීන් පොලඹවාලනු ලබන අතර රටපුරා විසිරී සිටින ග්‍රාම නිලධාරීන් 14000ක පිරිස මේ කාර්යයේ යෙදවීමෙන් පොලිස් නිලධාරීන් 14000ක් බඳවා ගැනීමක් බඳු වනු ඇති බව රජය විශ්වාස කරයි.

මෙහි දී පොලිස් බලතල හා සමාන බලතල කොටසක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමටද අපේක්ෂා කරයි. බිම් මට්ටමේ සිටින ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව සහයෝගය ලබාදීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සදහන් කරයි.

යම් පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පත අස්ථානගත වූ අවස්ථාවක දී ඒ පිළිබඳව පොලිසියට ගොස් පැමිණිල්ලක් ගොනු කිරීමට ඉදිරියේ දී අවශ්‍ය නොවන අතර, ග්‍රාම නිලධාරිවරයා හමු වේ අදාළ පැමිණිල්ල යොදා ඒ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිතය.

එමෙන්ම, ගම්මානවල සුළු පැමිණිලි පොලිසියට නොයා ග්‍රාම නිලධාරිවරයා හමුවේ පැමිණිලි කිරීමේ අවස්ථාවද සකස් කෙරේ.

එම නිසා ජනතාවට පොලිසියට යෑමට සිදුවන අවස්ථාව අඩුවන බවද අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා සදහන් කරයි.

ග්‍රාම නිලධාරීන් සවිබල ගැන්වීම සඳහා අමාත්‍යාංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර එම ව්‍යාපෘතියෙන් මෙම වැඩසටහන සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන අටහමාරක මුදලක් ලැබීමට නියමිතය.

Related posts

කොළඹ ජාතික රෝහලෙන් බැහැර කෙරෙන මිනිස් ශරීර කොටස් පැටවූ කන්ටේනරයක් අනුරාධපුරයේදී පොලිස් භාරයට

colombotoday

ගෝඨාභය ජනපතිවීමෙන් ඊළාම් සංකල්පය බිද වැටුණා – තමිල්ණාඩු ඊළාම්වාදීන් කදුළු සලති

colombotoday

ගාලු මුවදොර අරගලය සාමය බිඳවැටීමකට හා මහජන ආරක්‍ෂාවට තර්ජනයක් – කොටුව පොලිසියෙන් අධිකරණයට වාර්තාවක්

colombotoday

ඇමරිකාව නැතිව ලංකාවට දියුණු වෙන්න බෑමයි.. අපේ මිතුදමට අකුල් හෙලනු එපා – නි. ඇමති හර්ෂ

colombotoday

විදෙස් රටවල සිරව සිටි ලාංකිකයින් 76ක් අද දිවයිනට

colombotoday

වේගයෙන් ඔස්ට්‍රේලියාවටත් ඉදිරියෙන් සිටි ලංකාවට අධිවේගී අන්තර්ජාලය අහිමිවෙයි?

colombotoday