Colombo Today Local News

අමාත්‍යංශ දෙකකට නව ලේකම්වරු

අමාත්‍යංශ දෙකක් සඳහා නව ලේකම්වරු පත්කර තිබේ.

ඒ අනුව, කෘෂිකර්ම අමාත්‍යංශයට සහ බතික්, අත්යන්ත්‍ර, රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයට නව ලේකම්වරු පත්කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ලෙස එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස බී. එල්. ඒ. ජේ. ධර්මකීර්ති මහතා ද පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඔවුන් දෙදෙනා අද (01)දින පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගෙන තිබේ.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හමු වේ

colombotoday

මොණරාගල බන්ධනාගාරයේ ගැටුමකින් මැස්සා මියයයි

colombotoday

ඡන්ද නීති කඩා ලයිට් කණු, තාප්ප වැසූ ජවිපෙ දෙදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

facebook පෙමක පැටලනු කන්තලේ තරුණියක් අභිරහස් ලෙස මියයයි

colombotoday

පුද්ගලයකු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Admin

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

colombotoday