World

රුසියානු බොරතෙල් මිලට සීමා පනවන්න ජී7න් සාකච්ඡා

රුසියානු බොරතෙල් බැරලයක විකුණුම් මිල පිළිබඳ සීමා පැනවීමට ජී7 සාමාජික රටවල් සාකච්ඡා කිරීමත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පෙට්‍රල් තොග විශ්ලේෂකයන් බලාපොරොත්තු වූවාට වඩා එක්රැස් වීමත් හේතුවෙන් ඊයේ (23)දින ලෝක බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 3 කින් පමණ පහත වැටුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලෝක බොරතෙල් වෙළඳපොලේ ඊයේ (23)දින බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 2.95 කින් සියයට 3.3 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 85.41 ලෙස සටහන් වූ බවත් අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 3.01 කින් සියයට 3.7 කින් පහත වැටෙමින් ඇමෙරිකානු ඩොලර් 77.94 ලෙස සටහන් වූ බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

ලෝක බොරතෙල් වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 85.28 ලෙස අද(24) උදෑසන 9.46 වන විට සටහන් වූ අතර ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 77.91 ලෙස සටහන් විය.

Related posts

අමෙරිකාව යළි ඇවිලෙයි.. දරුවන් තිදෙනා බලා සිටියදීම පියාට පොලිසියෙන් වෙඩි පිට වෙඩි (PHOTOS)

colombotoday

ඉස්ලාමයට අභියෝගයක් කියා සෝමාලියාවත් නත්තල් සැමරුම් තහනම් කරයි

colombotoday

ජිහාඩ් අන්තවාදීන් ලෝකයම යුධ බිමක් කරලා – ෆ්‍රැන්සින් පාප් තුමා

colombotoday

ඉරානයේ වෛද්‍ය සායනයක් තුළ පිපිරීමකින් 19දෙනෙකු මරුට

colombotoday

යුක්‍රේනයේ යුද කලාපයේ දී ප්‍රංශ මාධ්‍යවේදියෙකු ඝාතනය කරයි

Admin

ඉන්දියාවට රික්ටර් මාපකයේ 5.7 ක භූ කම්පනයක්

Admin