Colombo Today Local News

හඳුනානොගත් මත් පෙති 3500ක් සමග අයෙක් කොටු

පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනා හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමඟ මත්පෙති 3500ක් පොලිසිය බාරයට ගෙන ඇත.

හොරයින් මත්කුඩුවලට ඇබ්බැහි වූවන්ට ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව නිවස වැටලීමේදී සැකකරු මත්පෙති තොගය නිවස පිටිපස සැඟවීමට උත්සාහ දැරූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබුවකු බවත් පොලිසිය කියයි.

වයස අවුරුදු තිස් හයක් වන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඩෙංගු බලකාය සක්‍රිය කරන්න ජනපතිගෙන් උපදෙස්

Admin

ඥානසාර හිමියන්ගේ දඬුවම හිස ගසා දැමීම, එල්ලා මැරීම, ගල් ගැසීම හෝ පිටුවහල් කිරීම විය හැකියි.

colombotoday

මහින්දට එරෙහිව රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

colombotoday

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

colombotoday

ජනපති පාර්ලිමේන්තු සභාවට පැමිණෙයි

colombotoday

‘එට්කා‘ සාකච්ඡා මේ වසරෙන් ඉවරයි.. අත්සන් කිරීම ඊළගට !

colombotoday