World

කොවිඩ් එන්නත් ගත් අයට අතුරු ආබාධ. රජයෙන් වන්දි ඉල්ලා ජනතාව පෝලිමේ

කොරෝනා එන්නත ලබා ගත් 10,000කට අධික ඔස්ට්‍රේලියා ජාතිකයෝ පිරිසක් එරට රජයෙන් වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බලා සිටිති. ඔවුන් වන්දි ලබා ගැනීමට බලාපොරොත්තු වන්නේ කොවිඩ් එන්නත් ලබාගැනීම නිසා ඇති වූ අතුරු ආබාධ හේතුවෙන් තමන්ට අත්විඳින්නට සිදුවුණු අලාභ සහ හානි වෙනුවෙනි. වන්දි ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පිරිස ඒ සඳහා දැනටමත් ලියාපදිංචි වී සිටින බව ඔස්ට්‍රේලියාවේ පළවන ‘සිඩ්නි මෝර්නින්ග්’ පුවත්පත වාර්තා කරයි.

කොරෝනා එන්නත ලබා ගැනීම හේතුවෙන් මුහුණ දෙන්නට සිදුවූ අතුරු ආබාධ නිසා තමන්ට ප්‍රතිකාර ලබා ගැනීමටත්, රෝහල්ගතව සිටින්නටත් සිදු වූ බව එකී පිරිස කියා සිටිති. එනිසා තමන්ට ආදායම් උත්පාදන මාර්ගවල නියැළෙන්නට නොහැකි වූ බවද ඔවුහු පවසන්නෝය. එන්නත් ලබා ගත් පිරිස් තමන්ට අතුරු ආබාධවලට මුහුණ දෙන්නට සිදුවූ බවට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ චිකිත්සීය භාණ්ඩ පරිපාලනය නමැති ආයතනයටය. එම ආයතනයට එවැනි පැමිණිලි 7,000ක් පමණ ලැබී ඇතැයි සඳහන් වේ. එවැනි පැමිණිලි රැසක සඳහන් වන්නේ කොරෝනා එන්නත ලබා ගැනීම නිසා ඇති වූ හිස කැක්කුම් තත්ත්ව, උණ, තුවාල ඇතිවීම් ආදිය පිළිබඳවයි.

කොරෝනා එන්නත ලබා ගැනීම නිසා සිදු වූ අතුරු ආබාධ සඳහා වන්දි ගෙවීමට එරට රජයේ අවධානය යොමුව ඇත්තේ මේ පැමිණිලි කිරීම්වලින් පසුවය. ඒ අනුව එන්නත ලබා ගැනීම නිසා අතුරු ආබාධවලට මුහුණ දුන් කෙනෙකුට අවම වශයෙන් ඔස්ට්‍රේලියා ඩොලර් 5000ක පමණ වන්දියක් ලබා ගැනීමට හැකියාව තිබේ.

Related posts

විෂෙන් විෂ නසන්න ප්‍රංශය සැරසෙයි, කෘරත්වයට පිළිතුරු දෙන බව ප්‍රංශ ජනපති පවසයි

colombotoday

සඳ ගමන ගිය ‘අමතක වූ ගගනගාමියා’ මිය යයි

colombotoday

ලොව පුරා කොවිඩ් නයින්ටීන් රෝගීන් ගණන ලක්ෂ 70 ඉක්මවයි

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

ටාටා සමූහයේ හිටපු සභාපති සයිරස් මිස්ට්‍රි රිය අනතුරකින් ජීවිතක්ෂයට

colombotoday

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday