Colombo Today Local News

දුම්රිය හරස් මාර්ගයේ ගිය මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

වයික්කාල ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කරමින් තිබූ මෝටර් රථයක් දුම්රියක ගැටී මාරක අනතුරක් සිදුවී ඇති බව පොලීසිය පවසයි.

එම අනතුර ඊයේ (15) සවස වයික්කාල, තම්බරවිල දුම්රිය හරස් මාර්ගයේදී සිදුව තිබුණි. එහිදී මෝටර් රථයට දැඩි හානි සිදුවී තිබූ අතර එය දුම්රියේ ඇමිණී මද දුරක් ඇදී ගොස් විසිවී තිබේ.

එහිදී මෝටර් රථයේ රියදුරා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මරණකරු 49 හැවිරිදි මුහුණුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ පුද්ගලයා දුම්රිය සංඥා නොතකා, සිය මෝටර් රථය දුම්රිය හරස් මාර්ගයෙන් ඇතුළු කිරීමට යාමේදී මාදම්පේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුව තිබුණි.

Related posts

කැබිනට් ඇමතිවරුන්ගේ අගෝස්තු වැටුප කොවිඩ් අරමුදලට

colombotoday

සෝභිත හිමියන්ගේ තැන ගන්න දඹර හිමි එයි

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ගත වූ පැය 24ට බාලවයස්කාර දැරියන් 7ක් අපයෝජනයට ලක් වෙලා

Admin

මාලදිවයින් සහායක ගුවන් නියමුවා මිනුවන්ගොඩ හෝටලයකදී මිය යයි

Admin

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin