Colombo Today Local News

‘ආශාවරී’ කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යාංශයට ප්‍රශ්නයක් නෑ

ආශාවරී සංගීත කණ්ඩායම ගැන අධ්‍යාපන අමාත්‍යංශයට ප්‍රශ්නයක් නැතැයි සභානායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මැදිරිගිරියේ දරුවන්ගේ සංගීත කණ්ඩායමක් වන ආශාවරී කණ්ඩායම ලෝක ළමා දිනයේ දී විහාර මහා දේවී උද්‍යානයේ සංගීතය සපයන අයුරු තමා දුටු බව කී ප්‍රේමජයන්ත මහතා ඒ දරුවන් සංගීතය සපයන්නේ දරුවන්ට උචිත අයුරින් බවද සඳහන් කළේය.

ළමා රක්ෂණ අධිකාරිය බාර ඇමතිවරිය ද මීට කලින් මේ සඳහා පිළිතුරක් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකුට පහරදී මරා දාලා

colombotoday

බොදුබල සේනාව ජනාධිපති හමුවුණේ ඇයි?

colombotoday

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

දින ගණනක මෙහෙයුමකින් අයිස් – හෙරොයින් කිලෝ 200ක් නාවික හමුදාව අල්ලයි

Admin

“STF ප්‍රධානියා රිමාන්ඩ් කිරීම නොහොබිනා වැඩක්“ – හෙළ උරුමයෙන් ආණ්ඩුවේ සගන්ට චෝදනා

colombotoday