Colombo Today Local News

මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙක් මරුට

කන්තලේ පොලිස් වසමේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පොලිස් නිලධාරියෙකු මියගොස් ඇති අතර මෝටර් රථය පැදවූ පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

ඊයේ (11) රාත්‍රී 11.00ට පමණ එම අනතුර සිදුව ඇති බව කන්තලේ පොලීසිය කියයි.

ත්‍රිකුණාමලයේ සිට කන්තලේ දක්වා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ වේගය පාලනය කරගත් නොහැකිව දුම්රිය හරස් මාර්ගයක ඇති ගේට්ටු කණුව ගැටී එම අනතුර සිදුව ඇත.

අදාළ අනතුරින් මියගොස් ඇත්තේ 55 හැවිරිදි කන්තලේ පොලීසියට අනියුක්තව සේවය කළ නිලධාරියෙකි.

මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇති බව කන්තලේ පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

නිශ්ශංක සේනාධිපති ඇතුළු සියලු චූදිතයින් ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස්

colombotoday

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

colombotoday

එන්නතක් නිසා සිසුන් 10 දෙනෙකු රෝහල් ගත කෙරේ

Admin

තුවාල සහිත මළ සිරුරක් නැඳුන්ගමුව නිවසකින් හමුවෙයි

Admin

සුදුවැල්ලේ සුනඛයෙක්ටත් කොරෝනා

colombotoday

කොරෝනා මරණ යන්ත්‍ර දෙකක් ලංකාවේ තරුණයෙක් හදයි

colombotoday