Colombo Today Local News

නිෂ්පාදන බදු ඉහළ ගිහින්.. අරක්කු කම්හල් 25ක් වසා දමන්න වෙයි

a¾kkuඅයවැය යෝජනා අනුව බලපත්‍ර ගාස්තු සහ බදු ගෙවීමට සිදු වීම නිසා තම ආයතනය ඇතුළු තවත් මැත්පැත් නිෂ්පාදන ආයතන 25ක් වැසීයාමේ අවදානමට ලක්ව ඇති බව සීමාසහති රෝක්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පවසයි.

සිය ආයතනය වසර 90කට වඩා පැරණි එකක් බවත්, මෙවැනි අසාධාරණ ආකාරයට බදු සහ බලපත්‍රගාස්තු කිසිදවසක වැඩිවී නොමැති බවද එම සමාගමේ අධ්‍යක්ෂක රමාල් සිරිවර්ධන පවසයි.

වාර්ෂිකව මිලියන 150ක් ගෙවීම කිසිම අයුරකින් කළ නොහැකි බවද ඔහු කියා සිටී. බොතල් කිරීමට එක බලපත්‍රයක්ද, ස්කාගාරයට තවත් බලපත්‍රයක්ද ගැනීමට සිදුව ඇති බවද රමල් මහතා පැවසීය.

එසේම මධ්‍යසාර බදු 30%කින් වැඩි කර ඇති බවත්, දැනට මත්පැන් ආදායමින් 60%කටත් වැඩි ප්‍රමාණයක් රජය බදු ලෙස අයකරගන්නා බවත් ඔහු සඳහන් කළේය. අදාල බලපත්‍ර වලට ගෙවීමට සිදුවන්නේ ඉතිරිවන 40%න් බවද ඔහු පෙන්වා දුන්නේය.

Related posts

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday

බැඳුම්කරෙන් අල්ලස් ගත් බව කියන මන්ත්‍රීන් ගැන කතානායක සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

ජූලි 6 එන්න තිබූ පොහොර නැවත් දවස් 2 ක් ප්‍රමාදයි

colombotoday

මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්.. වෙරළාසන්නයේ ජනතාව විමසිල්ලෙන් සිටින්න

colombotoday

ගෑස් අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

colombotoday

ආතතිය දුරු කරලීමට හුදකලා මහල් නිවාස වල වියායාම වැඩසටහන්

colombotoday