World

දුරකතන මාදිලි රැසක අද සිට වට්සැප් ඉවතට

යාවත්කාලීන නොකරන ලද පැරණි Android සහ iOS මෙහෙයුම් පද්ධති සඳහා අද (01)දින සිට තවදුරටත් වට්සැප් භාවිත කිරීමට නොහැකි වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව Android 4.0.3 හෝ ඊට පහළ මෙහෙයුම් පද්ධති ඇති සහ iOS 9 හෝ ඊට පහළ මෙහෙයුම් පද්ධති ඇති ජංගම දුරකතනවලට වට්සැප් භාවිත කිරීමට නොහැකි වනු ඇත.

Android මෙහෙයුම් පද්ධති ඇති දුරකතන මාදිලි ගණනාවකට මෙන්ම iOS මෙහෙයුම් පද්ධති ඇති දුරකතනවලට ද ජනප්‍රිය වට්සැප් යෙදුමෙහි ක්‍රියාකාරිත්වය ඒ හේතුවෙන් නවතිනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන් ම, එම පරිශීලකයින් තම වට්සැප් පණිවිඩ back up කර නොමැති නම් ඒවා අහිමි වීමේ අවදානමක් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

අද සිට වට්සැප් භාවිත කළ නොහැකි Android සහ iOS දුරකතන මාදිලි පහතින්….
Apple: iPhone 6, iPhone 6s plus, iPhone SE

Android (based on phone manufacturer):

LG: Lucid 2, Optimus F7, Optimus F5, Optimus L3 II, Dual Optimus L5, Best L5 II, Optimus L5, Dual Best L3 II, Optimus L7, Optimus L7, Dual Best L7 II, Optimus F6, Enact Optimus F3, Best L4 II, Best L2 II, Optimus Nitro HD, Optimus 4X HD and Optimus F3Q.

Huawei: Ascend G740, Ascend Mate, Ascend D Quad XL, Ascend D1 Quad XL, Ascend P1 S, and Ascend D2.

Samsung: Galaxy Trend Lite, Galaxy Trend II, Galaxy SII, Galaxy S3 mini, Galaxy Xcover 2, Galaxy Core and Galaxy Ace 2.

ZTE: Grand S Flex, ZTE V956, Grand X Quad V987 and Grand Memo.

Sony: Xperia Miro, Xperia Neo L, and Xperia Arc S.

Alcatel, Archos 53 Platinum, HTC Desire 500, Caterpillar Cat B15, Wiko Cink Five, Wiko Darknight, Lenovo A820 UMi X2, Run F1, THL W8

Related posts

මුස්ලිම් රටක් වූ බංග්ලාදේශයත් රොහින්ග්‍යා සංක්‍රමණිකයන් තහනම් කරමින් නීති හදයි !

colombotoday

ඉන්දුනීසියාවට සුනාමියක්… මිය ගිය ගණන 384 දක්වා ඉහළට…

colombotoday

ඇලෙස්කාවට සුනාමි අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මිය ගිහින්

colombotoday

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් හමාස් 80 ක් නසිති. හමාස් නායකයාගෙන් නිවේදනයක්. 200 ක් මරා දැමු බව ඊශ්‍රායලය කියයි.

colombotoday

ඉරානයේ ස්ථාන 52කට පහර දෙනවා ! ට්‍රම්ප් මහා යුද්ධයකට සැරසෙයි !

colombotoday