Colombo Today Local News

මහරගම ඉන්ධනවලට භූමිතෙල් කවලම් කරලා

මහරගම නගරසභාව යටතේ ධාවනය වන වාහනවලට දෛනිකව ලබා දෙන ඉන්ධනවලට භූමිතෙල් මිශ්‍ර කර ලබාදීමේ වංචාවක් පිළිබඳව වාර්තා වී ඇතැයි මහරගම නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත මහතා පැවසීය.

අනාවරණය වී ඇත්තේ නගර සභාවට අයත් වාහනයක වූ කාර්මික දෝෂයක් යථා තත්වයට පත්කිරීමට ගිය අවස්ථාවේදී බව ඔහු පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් නගර සභාවේ දෛනික අවශ්‍යතා සඳහා ඩීසල් ලබාදෙන අතර එලෙස රැගෙන එන ඩීසල් සහිත බවුසර්වලට භූමිතෙල් මිශ්‍රවී ඇති බවට අනාවරණය වී තිබෙන බවකි. එසේම මේ තත්වය දිගට පැවතුනහොත් නගර සභාවට අයත් වාහනවල නඩත්තුව පිළිබඳව ඉදිරියේ දී ගැටලු රැසක් මතු විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

පරීක්ෂණයක් පවත්වා සත්‍ය තත්ත්වය පැහැදිලි කරන ලෙස නාගරික මන්ත්‍රී සුරේෂ් නිශාන්ත මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

මෙරට දරුවන් දහසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී හමාරයි

colombotoday

වාහන බදු ඉහළට…

colombotoday

රාගම වෙඩි තැබීමකින් තිදෙනෙකුට තුවාල

Admin

තෙරුවනට අපහාස කළ වීඩියෝවේ පරීක්ෂණ වාර්තාවට බාලගිරි දෝෂය… නඩුව නීතිපති හමුවට.

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන් ඇතුළු තිදෙනෙකුට සිතාසි

colombotoday