Colombo Today Local News

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කරන්න – කෝප් කමිටුව දැනුම් දෙයි

ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දී තිබේ. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් චරිත හේරත් මහතා වැඩිදුරත් දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණයට අදාළ පරිසර විගණන වාර්තාව සම්බ්න්ධයෙන් පැවැති කෝප් කාරක සභා රැස්වීමට මහින්ද අමරවීර, ආචාර්ය සරත් වීරසේකර යන අමාත්‍යවරුන්ද, රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, නාලක ගොඩහේවා, ජයන්ත සමරවීර යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම් යන මහත්වරුද සභභාගී වූහ.

2012 වසරේ සිට 2018 වසර දක්වා මෙරටට ආනයනය කරන ලද මුළු ප්ලාස්ටික් ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 3353.8 කි. ඒ වෙනුවෙන් රුපියල් මිලියන 184,300.9 ක් වියදම් කිරීම සම්බන්ධයෙන් කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු වී තිබිණ.

ආනයනික දත්ත විශ්ලේෂණයේදී 2012 වසරේ සිට 2017 වසර දක්වා ආනයනික ප්‍රමාණය සීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙන බවත්, 2017 වසරේදී පෙර වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ ආනයන ප්‍රමාණයක් පවතින අතරම ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වර්තමාන ආනයන ප්‍රමාණයන් රටට නොදැරිය හැකි මට්ටමක පවතී.

දැනට වෙළඳ පොලෙහි පවතින ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් සකසා නොමැති අතර, විකුණුම් මිලක් ද පනවා නොමැත. එහෙයින් ජෛව හායනයට ලක්වන ආහාර දවටන සඳහා ප්‍රමිතියක් හා පාලන මිලක් නියම කිරීම අත්‍යාවශ්‍ය බවද කෝප් කාරක සභාව අවධාරණය කර තිබේ.

මේ අතර පොලිතීන් නිශ්පාදන අමුද්‍රව්‍ය ආනයනය අධෛර්‍ය කිරීම, පරිසර හිතකාමි ආදේශන නිශ්පාදනයන් පාරිභෝගිකයන්ට ලබා දීම හා ප්‍රචලිත කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට දැනුම් දී තිබේ.

වැටලීම් සඳහා සිදු කරන නීතිමය කාර්‍යභාරයන් කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය ක්‍රමවේදයන් සැකසීමට පියවර ගන්නා ලෙසද කාරක සභාවේ සභාපතිවරයා එම අධිකාරියට පැවසීය.

Related posts

“යහපාලනය යටතේ පොලීසියේ ස්වාධීනත්වය තවත් පහළට“- UN අලුත්ම වාර්තාව හෙළි කරයි

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

කළුගඟේ මැණික් නිධානය රකින්න STF යොදවයි…

colombotoday

පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩුවෙයි – දුම්රිය සේවා සාමාන්‍ය පරිදි

colombotoday

පෙරළියත් අත ළගයි.. මන්ත්‍රී ශාන්ත බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday