Colombo Today Local News

“යහපාලනය යටතේ පොලීසියේ ස්වාධීනත්වය තවත් පහළට“- UN අලුත්ම වාර්තාව හෙළි කරයි

ශ්‍රී ලංකා පොලිසිය විසින් අපරාධ සම්බන්ධව ක්‍රියාත්මක වීමේදි විද්‍යනුකුලව විමර්ශනය නොකොට පොලිසිය ඒක පාක්ෂිකව සහ බලපෑම් මත රැස් කරගන්නා කරුණු මත චෝදනා ගොනු කොට අත් අඩංගුවට ගැනිම් මෙන්ම විත්තිකරුවන්ට වද හිංසා පැමිණවීම් ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ වද හිංසනයන් සම්බන්ධ අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

අදාල වාර්තාවේ සඳහන් වන අන්දමට මෙම තත්ත්වය ශ්‍රීලංකාවේ අධිකරණය තුල ද ක්‍රියාත්මක වෙන බවත් බහුතරයක් ශ්‍රි ලාංකික විනිශ්චයකාරවරුන් අපරාධ නඩු සම්බන්ධ නිවැරැදි මනසිකින් ක්‍රියාත්මක වනවා වෙනුවට හෝ එවැනි චෝදනා පිලිබඳව නිසි ඇගයීමට ලක් නොකර පොලිසිය විසින් ලබාදෙන තොරතුරු මත පමණක් පදනම් කරගෙන තම තීන්දුව ලබාදීමට කටයුතු කරන බවයි.

මෙම වාර්තාව සම්බන්ධව ශ්‍රීලංකා රජයේ නිල ස්ථාවරය ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැන්විමට කටයුතු කරන බව සඳහන් කරන සන්ඩේ ටයිම්ස් පුවත් පත මෙම වසර පෙබරවාරි 27 වෙනිදා සිට මාර්තු 24 දින දක්වා පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ඉහත වාර්තාව සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයිද අනාවරණය කරයි.

සන්ඩේ ටයිම්ස් වාර්තාව මෙතනින් බලන්න

Related posts

එක්නැළිගොඩ නඩුව අහන්න ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉල්ලයි

colombotoday

හිටපු ජනපතිගෙන් හා අගමැතිගෙන් බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශ ගැනීමට නියෝග

colombotoday

කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ තවත් 10ක් විපක්ෂයට

colombotoday

පාස්කු ප්‍රහාරය – මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය කල්යයි

colombotoday

යහපාලන සංවත්සරය අදයි.. අවුරුද්දක කෙරුවාව මාතරදී නටා පෙන්වයි

colombotoday

බදියුදීන් මොහොමඩ් රියාජ්- අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සීමිත විරෝධතා ගොනු කරයි

colombotoday