Colombo Today Local News

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දේශපාලනීකරණය වෙලා – ගම්මන්පිල

gammanpila

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ 2016 ජනවාරි 11 වෙනිදා පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ සදහන් කර සිටියා….

ස්වාධීන කොමිෂන් සභා කියන්නේ මිත්‍යාවක් කියල මම 2001 වර්ෂයේ ඉදන් ලිව්ව කිව්ව. මම ලංකාදීපයට ලියන ප්‍රදීපය තීරු ලිපිය බැළුවොත් මේ ස්වාධීන කොමිෂන් සභා කියන්නෙ බොරුවක් මේකෙන් බලාපොරොත්තු ඉටුනොවන බව මම අඛන්ඩවම කියල තියෙනවා.

අද මහා ජයග්‍රහණ ලෙස ගෙනා ස්වාධීන පොලිස් කොමිසමට අධිකරණ කොමිසමට අද මොකද වෙලා තියෙන්නේ.  පොලිස මාධ්‍ය ප්‍රකාෂක නෙවෙයි ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාෂක තමයි මීලගට අත්අඩංගුවට ගන්නා පුද්ගලයා නම් කරන්නේ.   නැත්නම් ආණ්ඩුවේ සිටින දේශපාලන හෙන්චයියලා විසිනුයි ඒක කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා බව කිව්වේ අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමන් හා වික්‍රමබාහු කරුණාරත්න මැතිතුමනුයි.  රාජපක්ෂ පවුලේ ප්‍රභලයන් කීප දෙනෙක් අත්අඩංගුවට ගන්නවා කියල මාධ්‍ය හමුවට ඇවිත් කියන්නේ පොළිස් මාධ්‍ය ප්‍රකාෂක නෙවෙයි.   ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාෂක රාජිත සේනාරත්න මැතිතුමන්.

අද පොලීසිය විතරක් නෙවෙයි නීතිපති දෙපාර්තමේන්තුවත් දැඩි පීඩනයකට ලක්වෙලා. හිටිපු නීතිපතිතුමන් යුවැන්ජන් විජේතිලක මැතිතුමන් තමන් විශ්‍රාම යන දවසේ තමන්ගේ අවසන් රාජකාරියක්  විදිහටයි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීමේ උපදේශයට අත්සන් තැබුවේ.  ඇයි නීතිපතිතුමන්ට සිය රාජකාරි ජීවිතයේ අවසන් දිනය දක්වා හිරුනිකා පේමචන්ද්‍ර මැතිනිය අත්අඩංගුවට ගතයුතු බවට උපදේෂයක් දීමට බැරිවුනේ.  ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කියනවා නීතිපතිතුමන් විශ්‍රාම ගත් වහාම අත්අඩංගුවට ගත යුතුයි කියල.  මෙවැනි පීඩන මැද තමයි නීතිපතිතුමන් සිය රාජකාරිය ඉටුකලේ.

වරක් රාජිත සේනාරත්න මන්ත්‍රීතුමන් කියනවා යුධ හමුදාවයි පොලීසියයි නීතිපති දෙපාර්තමේන්තුවයි අතර එක්ණැළිගොඩ විමර්ෂණය පිළිබද ගැටුමක් ඇතිවුනා. සොලිසිටර් ජෙනරල්වරයාව මැදිහත් කරල ඒ ප්‍රශ්නය විසදුවා කියල.  එවිට සොලිසිටර් ජෙනරල්වරයා ඉංග්‍රීසි පුවත්පතකට කියනවා රාජිත සේනාරත්න ඇමතිතුමන් පවසන්නේ ද්වේෂ සහගතව ගෙතූ මුසාවකී කියල.  මීලගට නීතිපති බවට පත්විය යුත්තේ මේ සොලිසිටර් ජෙනරල්වරයායි.   නමුත් අද එතනටත් දේෂපාන පත්වීමක් කරන්න යන බවයි දැනගන්නට ඇත්තේ.  ඔන්න අද නීතිපති දෙපාර්තමේන්තුව ස්වාධීන කොමිෂන් සභා බිහිවුනාට පස්සෙත් දේශපාලණ ග්‍රහණයට පත්වී තියෙන අන්දම.

ඒ නිසා අරක්කු බෝතල් දෙක දෙන අයටනම් එලියට එන්න ලැබෙනව.  අරක්කු බෝතල් නොදෙන අයට තුන්වෙනි තට්ටුවෙන් බිමට පැන්නාය කියන කතා ගෙතෙනව කියන එකයි අපිට කියන්න තියෙන්නේ.

Related posts

සියදිවි හානිකර ගැනීම් “පෙන්නන්න එපා”… ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක්

colombotoday

එජාප නායකත්වය වෙන කෙනෙකුට දෙන්නේ 2030දී බව රනිල් කියයි…

colombotoday

මට බෝම්බ ගහපු මොරිස් හිරේ ඉදන් call කරනවා. – සරත් ෆොන්සේකා කියයි

colombotoday

මාකඳුරේ මධුෂ් ඉතාලියට පනී..

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

colombotoday