Colombo Today Local News

සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් 6ක් මාට්ටු

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

තලෙයිමන්නාරම පොලීසියේ නිලධාරින් විසින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම විදුලි බලාගාරයේ ආරක්ෂක අංශ රාජකාරියේ නිරතව සිටි පුද්ගලයෙකු ද වන බව සඳහන් වේ.

ඔවුන් විසින් එහි ඉදිකිරිම් සඳහා රැගෙනවිත් තිබූ කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (10)දින මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ජොන්ස්ටන් සහ රත්තරන් නායකත්වය දුන් දිස්ත්‍රික්ක දෙකෙහි ප්‍රකාශිත චන්ද ප්‍රතිශතය අඩුයි.

colombotoday

රාජිතගෙන් යළිත් අපේක්ෂිත ඇප අයැදුම්පතක්

colombotoday

මුදල් ඇමති රවීට එරෙහිව තවත් විශ්වාසභංගයක් අද කථානායකට

colombotoday

රටම බලා සිටින තීන්දුව 5ට….

colombotoday

තිළිණි ප්‍රියමාලී ට අයත් ගිණුම් හතරක සවිස්තර වාර්තා ඉල්ලයි

Admin

එක්නැළිගොඩ අතුරුදන්වීම : අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරියා රිමාන්ඩ්…

colombotoday