Colombo Today Local News

සරුංගල් සිද්ධියකට පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කරයි

මිනුවන්ගොඩ ගම ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් පියකු සහ පුතුන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් කඩා වැදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා සදහන් කළේය.

මීට වසර තුන හතරකට පෙර දී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම සිද්ධිය ඇති වී තිබෙන බවට සැක කරන බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය. මිය ගිය තිදෙනා මීට මාස කිහිපයකට ඉහතදී රිමාන්ඩ් භාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි අය බව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 සහ 23 24 පසුවන තිදෙනෙකි.

පියාගේ මළ සිරුර මිනුවන්ගොඩ රෝහලේ තැන්පත් කර ඇත.

Related posts

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

ආර්ථික වර්ධනයෙන් ලංකාවේ දකුණු ආසියාවේ හයවන තැනට..

colombotoday

උතුරේ මහඇමතිකමට අලුත් කෙනෙක් පත්වෙයි !

colombotoday

තිළිණි ප්‍රියමාලිව මුදාහරී

Admin

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් අතුරුදන්… උසාවි නියෝගය හැරෙන තැපෑලෙන් ආපසු එයි

colombotoday