Colombo Today Local News

නීතිවිරෝධීව ආනයනය කල මිලියන 300ක කරුංකා CID භාරයට

නීතිවිරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් මිලියන 300ක් වටිනා කරුංකා කන්ටේනර් 23ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගෙන තිබේ.

අදාළ කරුංකා තොගය සමග 39 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම කරුංකා තොගය ඉන්දුනිසියාවේ සිටි මෙරටට ආනයනය කර ඇති ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කරමින් ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීමේ අරමුණින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවටගත් සැකකරු අද (10)දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

“ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති විවිධ ආර්ථික ගිවිසුම් අනුව ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට අපනයනය කරන යම් යම් භාණ්ඩ සඳහා තීරුබුදු සහනයක් ලබා දෙනවා ඉන්දියාව විසින් එම සහනය උපයෝගී කර ගනිමින් මේ ආකාරයෙන් ශ්‍රී ලංකා රජයටත් ඉන්දියානු රජයටත් යම් පාඩුවක් සිදුකිරීමේ චේතනාවෙන් මෙවැනි වංචනික ක්‍රියා කරන බොහෝ කණ්ඩායම් සිටින බවට වාර්තා වී තිබෙනවා. එවැනි පුද්ගලයින් සමබන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ වාගේම මේ සිද්ධියට සම්බන්ධය පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ පවත්වනවා. “

Related posts

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin

ලබන වසරේ පුර පසළොස්වක පෝය දිනයන් ගැසට් කෙරේ

colombotoday

Gmail සේවාව බිඳ වැටෙයි

colombotoday

අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් “හලාල් ටුවර්ස්”

colombotoday

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

හෙට රට පුරා සත්වෝද්‍යානවලට ඇතුළුවීම නොමිලේ… විස්කෝතු – අයිස්ක්‍රීම් දරුවන්ට නොමිලේ

colombotoday