Colombo Today Local News

තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළී කතුන් තිදෙනෙක් බිලි ගනී

නුවරඑළිය – වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමනගත් කාන්තාවන් තිදෙනකු වන අතර ඔවුන් 51,52 සහ 20 යන වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි. එම පිරිස බණ්ඩාරවෙල ඇල්ල කරඳගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් පිරිසකි.

සිද්ධියෙන් තුවාල ලැබු ත්‍රිරෝද රථයේ රියැදුරා අසාධ්‍ය තත්ත්වයෙන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

ලොරි රථයේ තිරිංග ක්‍රියා විරහිත වී රියැදුරුට ලොරි රථය පාලනය කර ගත නොහැකි ව මෙම අනතුර සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වූ බව ද පොලිසිය සඳහන් කරයි.

Related posts

කන්කසන්තුරේ වරාය ඉන්දියාවට? නවදිල්ලියේදී ගිවිසුමක් අත්සන් කෙරේ !

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

නව පොලිස්පති DIG වික්‍රමසිංහ ?

colombotoday

රවීට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ නොහැකියි

colombotoday

ජනපතිගෙ කඩුවෙ එක පැත්තක් මොට්ටයි.. උදේට එකක් කියනව, හවසට තව එකක් කියනවා – එජාපයෙන් ජනපතිට නැවතත් ප්‍රහාර

colombotoday

බදුල්ල මහ නගර සභාවේ කටයුතු අත්හිටුවයි

colombotoday