Colombo Today Local News

ලංකාව හැර යන කැනඩා මහකොමසාරිස් සහ ප්‍රංශ තානාපති ජනපති හමුවෙති

සේවා කාලය නිම කර සිය රට බලා පිටත්ව යන ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මකිනන් (David McKinnon) සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලවෙ(ර්)තු (Eric Lavertu) මහතුවරු අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ.

මෙරට සේවා කාලය නිම කළ බව ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් දැනුම් දුන් ඔවුහු ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත ව ඇත.

ඩේවිඩ් මකිනන් මහතා 2017 ඔක්තෝම්බර් 23 වන දින සිට මෙරට කැනඩා මහකොමසාරිස්වරයා ලෙස කටයුතු කළ අතර එරික් ලවෙ(ර්)තු මහතා 2018 නොවැම්බර් 01 වැනි දා සිට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා වශයෙන් කටයුතු කළේය.

Related posts

ජනපතිට එරෙහිව සමනළ විරෝධතාවක්… සමලිංගික කොඩි ඔසවා පාර්ලිමේන්තුව කැදවන්න ඉල්ලයි…

colombotoday

පිරිමි ලිංගික ශ්‍රමිකයන්ගේ වර්ධනයක් නිසා HIV වැඩිවීමේ ප්‍රවණතාවක්

colombotoday

ඤාණසාර හිමියන්ගේ ස්වරූපය වෙනස් වෙයි.. සිරෙන් නිදහස් කරනතුරු අධිෂ්ඨානයක

colombotoday

අපි ලෝකයම දිනාගෙන අවසන්.. දැන් තියන්නේ ගම, නගරය දිනාගන්නයි – මංගල

colombotoday

මුලතිව් කෝකිලායි කොක්කුතුඩුවායි සමූහ මිනීවලේ කැනීම් තාවකාලිකව නවත්වයි

Admin

නව කොරෝනා පොකුරු තවත් විශාල වීමේ ඉහළ අවදානමක් ඇති නිසා ඉදිරි පැය 24 ඉතාම තීරණාත්මකයි

colombotoday