Colombo Today Local News

ආර්ථික අර්බුදය ජය ගැනීමට සහය වනවා.. නමුත් ප්‍රකාශනයේ සහ රැස්වීමේ නිදහස තිබිය යුතුයි – යුරෝපා කොමිසම

අදහස් ප්‍රකාශ කිරීම හා රැස්වීමේ නිදහස මෙන්ම මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීමේ අත්‍යවශ්‍යව පවතින බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන්ඩලේ මහත්මිය පවසයි.

ඇය කියා සිටියේ ආර්ථික අර්බුදය ජය ගනිමින් සෞභාග්‍ය කරා ගමන් කිරීමට යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට සහය වන බවයි.

GSP ප්ලස් සහනය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම පිළිබඳ ප්‍රගතිය යුරෝපා සංගමය ඉතා ඉක්මනින් තක්සේරු කරනු ඇති බව ද ඇය සඳහන් කළා ය.

එම වාර්තාව මේ වසරේ අගභාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිතයි.

එමගින් සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ කෙටි හා දිගුකාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට හා මෙහෙයවීමට අපේක්ෂා කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related posts

සිරසට එරෙහිව දෙරණ ලොක්කා ඒක පාර්ශවිය වාරණයක් ලබා ගනියි.

colombotoday

ප්‍රභාකරන් වගේ, පුතුන් දෙදෙනාත් අරගලයට එක් කරගන්න – නිමල්කා විග්නේෂ්වරන්ට කියයි

colombotoday

බංග්ලාදේශය ගත්ත ණය ගෙවීම ගැන මහබැංකු අධිපතිට මතක් කරයි

colombotoday

මහ බැංකුව රන් සංචිතයෙන් තවත් කොටසක් විකුණයි

colombotoday

ලංගම බසයටත් දුම් සහතිකය ගෙන ආදායම් බලපත්‍රය ලබා ගැනීම අනිවාර්යයි

Admin

ISIS ප්‍රහාර හමුවේ නිරුවත්වන චැනල් 4 සහ රාජ්‍ය නොවන සංවිධාන

colombotoday