Colombo Today Local News

බලහත්කාරය නවතා ගැටළුව විසදන්නැයි වෘත්තිය සමිති කියයි

ගුරු විදුහල්පති අරගලයට මේ වන විට දින 61 ගතවී තිබුණද ආණ්ඩුව තවමත් විසඳුම් ලබා දී නොමැති බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරනවා.

කැබිනට් තීරණය අරගෙන දින 11 ක් ගත වී ඇතත් ගුරු විදුහල්පති සංගම් කිසිදු සාකච්ඡාවකට කැඳවා නැති බවත්,
එසේ තිබියදී ගුරු විදුහල්පති සංගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට එළඹෙනවා වෙනුවට අධ්‍යාපන ලේකම් විසින් විදුහල්පතිවරුන්ට ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග සඳහා අයදුම් කරන ලෙස ලිඛිතව බලපෑම් කරමින් සිටින බවයි ඔහු පේනවා දෙන්නේ.

එය තරයේ හෙළා දකින අතර මෙය වෘත්තිය ක්‍රියාමාර්ගයක් බව ඔහුට ලිඛිතව දැනුම් දී ඇති බවයි ඔහු පේනවා දෙන්නේ.

වෘත්තීය සමිති සමග සාකච්ඡා නොකර තම විසඳුම බලහත්කාරයෙන් පැටවීමට උත්සාහ කරන්නේ නම් එයට කිසිසේත්ම යටත් නොවන බවත්, ක්‍රියාමාර්ග දිගටම ඉදිරියට ගෙනයන බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

Related posts

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

හෙට ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි CID හිටපු අධ්‍යක්ෂ ශානිට සිතාසි

colombotoday

ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට

Admin

16 කණ්ඩායම ගෝඨාභය හමුවෙයි..

colombotoday

ආණ්ඩුව පාලනය කරන්නේ ගෑනුත් නොවන, පිරිමිත් නොවන පිරිසක්

colombotoday