World

තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම වෙයි

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි 6 වැනි දා සිදු කෙරෙන බව බකිංහැම් මාළිගය නිවේදනය කරයි.

වසර 900කට වඩා පැරණි දීර්ඝ සම්ප්‍රදායකට අනුව 73 හැවිරිදි චාල්ස් රජු ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හිදී නිල වශයෙන් කිරුළු පැළඳීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රජුගේ භාර්යාව වන 75 හැවිරිදි කැමිලා රැජිණ ද කිරුළු පැළඳීමට නියමිත බව මාළිගය තහවුරු කළේ ය.

පසුගිය සැප්තැම්බර් 8 වැනි දා එළිසබෙත් රැජිණ අභාවප්‍රාප්ත වීමෙන් අනතුරුව සම්ප්‍රදායානුකුලව චාල්ස් කුමරු එරට රජු ලෙස නම් කරනු ලැබුවේ ය.

Related posts

හින්දු කාන්තවක් මුස්ලිම් කරන්න ගිය මුස්ලිම් ජාතිකයෙක් “Love Jihad” නීතිය යටතේ අත්අඩංගුවට.

colombotoday

ගුවන් නියමුවා බාර දීමෙන් පසු ඉන්දු-පාකිස්ථාන දේශ සීමාවේ බර අවි ප්‍රහාර ඇවිලෙයි… සිවිල් වැසියන් මරුට…

colombotoday

ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය

Admin

ගාසා ප්‍රධාන රෝහල ගැන WHO අනතුරු අඟවයි

Admin

රැඳවුම් මධ්‍යස්ථානයකට ගුවන් ප්‍රහාරයක් – 100ක් මරුට

colombotoday

මිනිත්තු 20කින් සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණයක්

colombotoday