Colombo Today Local News

කෙරවලපිටිය LNG ගිවිසුම අත්සන් කර ඇත්තේ නිව් ෆෝට්‍රස් සමග නොව වෙනත් සමාගමක් සමගයි – අනුරගෙන් හෙළිදරව්වක්

මතභේදාත්මක කෙරවලපිටිය යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නායක, අනුර කුමාර දිසානායක මහතා විශේෂ හෙළිදරව්වක් අද (10) දින පාර්ලිමේන්තුවේ දී සිදුකළේය.

අදාළ ගිවිසුම සභාගත කරමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ, එම ගිවිසුම අත්සන් කර ඇත්තේ, අමෙරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග නොව වෙනත් සමාගමක් සමග බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ශ්‍රී ලංකා රජය සහ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම අතර, අත්සන් කරනු ලැබු ගිවිසුම මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අවස්ථා ගණනාවක දී කිව්වා. භාර අමාත්‍ය ගාමිණී ලොකුගේ මහත්මයා එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කිව්වා. නමුත් එතැන් සිට ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න බවත් මා දැක්කේ නෑ. හැබැයි මා දන්නා පරිදි ඒ ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙලත් නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලත් නෑ. අද මුදල් අමාත්‍යාංශ විවාදයේ දී ඒක වැදගත් ලෙස අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුව තිබෙනවා. නමුත් මා සතුව ඒ ගිවිසුම තිබෙනවා. ඒකේ සේලර් හැටියට ශ්‍රී ලංකා ආණ්ඩුවත් බයර් හැටියට එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් සමාගමත් අත්සන් කරපු ගිවිසුමක්. මේ ගිවිසුම තමයි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි අවධාරණය කළේ. ඒ මොකද මේක පෞද්ගලික දේපළක් පවරාදීම් පිළිබඳ ගිවිසුමක් නෙමෙයි. මේක රටේ බලශක්ති ක්ෂේත්‍රයත් මේ වෙනවිටත් රජය ආයතන ගණනාවකට හිමිව තිබෙන කෙරවලපිටිය බලාගාරයත් අමෙරිකානු සමාගමක් වෙත පවරා දීම සඳහා අත්සන් කරනු ලද ගිවිසුමක්. හැබැයි තමුන්නාසේලා දිගින් දිගටම මාස එකහමාරකට වඩා වැඩි කාලයක් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා කිව්වත් මේ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නෑ. ඒ නිසා ගරු කථානායකතුමනි මම ඒ ගිවිසුම සභාගත කරනවා. කැබිනට් මණ්ඩලයෙන් අවසර දෙනවා නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග ගිවිසුම අත්සන් කරන්න. හැබැයි තමුන්නාසේලා අත්සන් කරලා තියෙන්නේ එන් එෆ් ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන සමාගම සමග. කැබිනට් මණ්ඩලයෙන් බලය දුන්නේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම සමග අත්සන් කරන්න නමුත් අත්සන් කරලා තියෙන්නේ වෙනත් නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගම ට අනුබද්ද හෝල්ඩින් සමාගමක් සමග. ඒ නිසා සම්පූර්ණයෙන්ම මේක කැබිනට් මණ්ඩලය නොමඟ යැවීමක්”

Related posts

පයින් ගහල එලවන්න කලින් ඉවත්විය යුතුයි.. එජාපයටත් වෙන්නේ පැරණි වමට වෙච්ච දේමයි – චම්පික

colombotoday

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

අවුරුදු 12ක මුස්ලිම් දැරියක් අවුරුදු දෙකක් තිස්සේ මුදලට විකුණලා. – දැරිය මිලදී ගත් අය අතර ප‍්‍රභූන් පිරිසකුත් – ගල්කිස්සට නොදෙවෙනි මරදානෙ කතාව

colombotoday

ලංකාවේ ප්‍රථම දාගැබ ගැන සඳහන් සෙල්ලිපිය මතින් කොන්ක්‍රිට් බැම්මක් ඉදිකරයි !

colombotoday

රාජිතට නිදහස ඉල්ලා කල සත්‍යග්‍රහය

colombotoday

චන්ද්‍රිකාගේ වැඩමුළුව මෛත්‍රී අනින් නවත්වයි

colombotoday