Colombo Today Local News

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

අරගලකරුවන් සිහි කිරීම ඇතුළු තවත් ඉල්ලිම් කිහිපයක් මුල් කර ගනිමින් ගාලු මුවදොර ඊයේ (ඔක්. 9) විරෝධතාවක් පැවැත්විණි.

ඊයේ පස්වරුවේ පැවති මෙම විරෝධතාවට එක්වූ පිරිස ඉටිපන්දම් දල්වමින් අරගලකරුවන් සිහි කිරීමට කටයුතු කර තිබිණි.

කෙසේ වෙතත් පොලිසිය විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

එහෙත් ඔවුන් ඊට එකඟතාව පළ නොකිරීම හේතුවෙන් උණුසුම් තත්වයක් හටගත් අතර ඉන් අනතුරුව එහි සිටි සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පියර ගෙන තිබේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සිවු දෙනා අද (ඔක්. 10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Related posts

මිග් යානා ගනුදෙනුවට උදයංග වීරතුංග CID යට

colombotoday

රට බෙදන උතුරේ යෝජනාවට එරෙහිව දකුණෙන් යෝජනාවක්

colombotoday

මැයි මාසයේ දී පාරිභෝගිකයින්ට පාලන මිලෙන් පහළට බිත්තර

Admin

උසාවිය ආණ්ඩුවේ කුණු හෝදයි_ සරසවි සිසුන් වෛද්‍ය සභාව ඉදිරිපිට විරෝධයේ

colombotoday

රනිල්ගේ ප්‍රධාන උපදේශක පාස්කරලිංගම්, රු මිලියන 125ක් කොටින්ට දුන් හැටි හෙළිවෙයි…

colombotoday

වව්නියාව නගර සභාවේ සභාපති අත්අඩංගුවට

colombotoday