Colombo Today Local News

හමුදා සාමාජිකයන්ගේ ආගමික කටයුතු වලට බාධා කරන ලොක්කෙක් ගැන අස්ගිරි මහා නා හිමිගෙන් පැමිණිල්ලක්

hjhjh

යුද හමුදාවේ ඇතැම් සාමාජිකයන්ට ආගමික කටයුතු සඳහා සහභාගි වීමට එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බාධා කරන බවට තමන් වහන්සේ වෙත ලිපියක් ලැබී ඇතැයි අස්ගිරි මහානායක අතිපූජ්‍ය ගලගම ශී‍්‍ර අත්තදස්සි හිමියන් පවසනවා.

උන්වහන්සේ එ් බව පැවසුවේ අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සමග අද (18) පෙරවරුවේ කළ සාකච්ඡාවකදීයි. මහනුවර ශී‍්‍ර දළදා මාලිගාව වැඳපුදා ගැනීමෙන් පසු අමාත්‍යවරයා අස්ගිරි සහ මල්වතු මහානාහිමියන් බැහැ දුටුවා.

අස්ගිරි මහානාහිමියන් එහිදී වැඩිදුරටත් කියා සිටියේ මවුපියන්ගේ හෝ දරුවන්ගේ අසනීපයකදී පවා නිවාඩු ලබා ගැනීමට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඔහු යටතේ සේවය කරන හමුදා සාමාජිකයන්ට අවස්ථාව ලබා නොදෙන්නේ යැයිද තමන් වෙත ලැබුණු ලිපියේ සඳහන් වන බවයි.

මේ සම්බන්ධයෙන් තමන් වහන්සේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාද දැනුවත් කරන බව උන්වහන්සේ කියා සිටියා. අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරයාගේ සහ යුද හමුදාපතිවරයාගේ අවධානයටද තමන් ඒ වෙත යොමු කරන බවයි.

Related posts

රටේ ආදායමටත් වඩා ණය පොලිය ඉහළට.. විදෙස් ආයෝජකයෝ අකුලගෙන යන්න යයි

colombotoday

අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්

colombotoday

පොලිස් ලොක්කන් පිරිසකට ස්ථාන මාරුවීම්

Admin

දිලිදු දරුවන්ට නොමිලේ සීසන් ටිකට්

Admin

“බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ“ – ජනබල විරෝධය ගැන අගමැති කියයි

colombotoday

අත්‍යාවශ්‍ය භාණ්ඩ ජංගම වෙළෙඳුන් හරහා බෙදාහැරීමට කටයුතු සුදානම්

colombotoday