Colombo Today Local News

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු ගැන කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා කොමිසම හමුවේ කළ හෙළිදරවුව

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ් විසින් පාස්කු ප්‍රහාරයට පෙර එම වසරේ ජනවාරි මාසසයේ සිට අප්‍රේල් මාසය දක්වා සිය බැංකු ගිණුමෙන් රුපියල් මිලියන 4.5 ක මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනපති කොමිසම හමුවේ අනාවරණ කළේය.

ඉන්ෂාෆ් අහමඩ්ට අයත් “කොලෝසස්” තඹ කර්මාන්ත ශාලාවේ කළමාණාකාරවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ, සිය සමාගමෙන් තඹ බහාලුම් 370ක් විදේශයන්ට අපනයනය කර ඇති බවය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (03දින සාක්ෂි ලබා දුන්නේ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන ඉන්ෂාෆ් අහමඩ්ට අයත් “කොලෝසස්” නම් තඹ කර්මාන්ත ශාලාවේ කළමනාකාර සනුන් මොහොමඩ් ඉෂාඩ් විසින්.

ඔහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ, තමන් ඉන්ෂාෆ් අහමඩ් ගේ පියාට අයත් රිෂානා එක්ස්පෝර්ට් හි කළමනාකාරවරයා ලෙස සහ කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා ලෙස කටයුතු කළ බවය.

“කොලෝසස්” සමාගමේ හිමිකරු ලෙස ඉන්ෂාෆ් අහමඩ් කටයුතු කළත් 2019 වසරේ අප්‍රේල් මස මුල් කාලයේ “කොලෝසස්” සමාගමේ හිමිකාරිත්වය මොහොමඩ් යූසුෆ් ඊබ්‍රහිම් වෙත සහ මොහොමඩ් ශිෆ්කා යන අයට පැවරූ බව සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.

කොලෝසස් සමාගම තඹ අපනයනය කරනු ලබන කර්මාන්ත ශාලාවක් වන අතර එහි මෙරට සේවකයින් 30 දෙනෙක්, ඉන්දියානු ජාතිකයින් 20 දෙනෙක්, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින්ද සේවය කළ බව “කොලෝසස්” සමාගමේ කළමනාකාරවරයා සඳහන් කළේය.

විදේශීය සේවකයින් කර්මාන්තශාලාවේ සේවය සඳහා එක්කරගැනීමට හේතුව කුමක්ද යන්න කොමිසම මෙහිදී විමසා ඇත.

“කොලෝසස්” සමාගම සතුව ඇති යන්ත්‍ර ක්‍රියා කරවීමට අවශ්‍ය දැනුම ඇත්තේ ඉන්දියානු ජාතිකයින්ට බව ද ඔහු එහිදී සඳහන් කර තිබේ.

එමෙන්ම සිය සමාගමෙන් නිෂ්පාදනය කරනු ලබන තඹ බට වැඩි වශයෙන් ඉන්දියාවට අපනයනය කරන බවද සාක්ෂිකරු ප්‍රකාශ කර ඇත.

විදේශිකයින් සඳහා වීසා ලබාගැනීමේ කටයුතු සිදුවන්නේ කෙසේද යන්න කොමිසම මෙහිදී විමසා ඇති අතර එහිදි, කළමනාකාරවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ, වාණිජ අමාත්‍යාංශය හරහා අවසරය ලබාගෙන විසා ලබාගැනීම් සිදුකරන බවය.

සිය කර්මාන්තශාලාවට ලෝහ අබලි ද්‍රව්‍ය ලබාදෙන සැපයුම්කරුවන් සිටින බවත්, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන්ද ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ ලබාගැනීම සිදුකරන බවත්, කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් සුළු වශයෙන් ලෝහ අබලි ද්‍රව්‍ය ලබාගන්නා බවත් “කොලෝසස්” සමාගමේ කළමනාකාර සනුන් මොහොමඩ් ඉෂාඩ් කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම 2012 සිට 2019 දක්වා කාලය තුළ ටොන් 20 බැගින් වූ බහාලුම් 370 ක් අපනයනය කර ඇති බවද ඔහු වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබේ.

“කොලෝසස්” සමාගමේ හිමිකරු වන ඉන්ෂාෆ් අහමඩ් කුඩා කාලයේ සිට තමන් හොඳින් දැන හඳුනන බවත් ඔහු දෛනිකව කාර්යාලයට පැමිණි පුද්ගලයෙකු බවත් සඳහන් කළ කළමනාකාරවරයා 2018 වසරේ මැද භාගයේ සිට 2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවන තෙක් කාලය තුළ ඔහු කාර්යාලය වෙත පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවත් සඳහන් කළේය.

ඔහු සිය දරුවන් සහ බිරිඳ සමග කාලය ගත කිරීමට මෙන්ම මහවිල උද්‍යානයේ නිවසේ රැඳී සිටින සිය මව බැලීමට නිතර යන බවද සාක්ෂිකරු සඳහන් කර තිබේ.

“කොලෝසස්” සමාගම සතුව පිටකොටුව ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක අමෙරිකානු ඩොලර් බැංකු ගිණුමක් සහ ජංගම බැංකු ගිණුමක් තිබූ බව සාක්ෂි ලබාදෙමින් කළමනාකාරවරයා ප්‍රකාශ කර තිබේ.

සිය පියා සතු වූ “රිෂානා එක්ස්පෝර්ට්” හි ද කටයුතු කළ ඉන්ෂාෆ් සහ ඉල්හාම් යන සහෝදරයන් පසුව ඉන් ඉවත්වන බව සිය පියාට ලිපියකින් දැනුම් දුන් බවත් තම පියා බැංකුවෙන් ණය සහ පොලිය ගැනීම පාපයක් නිසා එම ව්‍යාපාර කටයුතු වලින් ඉවත්වන බවට ඔහු සඳහන් කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේය.

එහිදී කොමිසම විමසුවේ ඉන්ෂාෆ් පදිංචි වී සිටියේ කිනම් ස්ථානයකද යන්නයි.

ඉන්ෂාෆ් සිය බිරිඳ සහ දරුවන් සිව්දෙනා සමග කොල්ලුපිටිය මල්පාරේ පදිංචිව සිටි බවත් ඔහු විසින් ප්‍රහාරයට පෙර මිලදී ගත් ලැන්ඩ් කෘසර් වර්ගයේ නවතම ජිප් රථයක් අප්‍රේල් 18 වැනිදා ඔහු හමුවු අවස්ථාවේ තමන් දුටු බවත් කළමනාකාරවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම මිට වසර 3 කට පෙර සිය ප්‍රධාන කාර්යාලයේ සම්මන්ත්‍රණ පවත්වන කාමරයේ ඉන්ෂාෆ්, ඉල්හාම් යන සහෝදරයන් දෙදෙනා සමග ජමිල් නම් පුද්ගලයා සවස් කාලයේ අරාබි භාෂාව ඉගෙනීම සිදුකළ බවද ඔහු සඳහන් කළේය.

ජමිල් නම් පුද්ගලයා දෙහිවල ට්‍රොපිකල් ඉන් බෝම්බකරු බව ද මෙහිදී කළමනාකාරවරයා සඳහන් කර තිබේ.

අනතුරුව කොමිසම විමසුවේ සම්මන්ත්‍රණ කාමරයේ අරාබි භාෂාව ඉගෙන ගත් අයුරු තමන් දන්නේ කෙසේද යන්නයි.

තමන් අරාබි භාෂාව ඉගැන්වීම සිදුකළ පුද්ගලයාට රුපියල් 20,000 ක මුදලක් ගෙවිම් සිදුකළ බවත්, දිනක් එම කාමරයට පිවිසීමේදි එහි අරාබි භාෂාවේ මුලික ඉගැන්වීම සිදුකළ ආකාරය දැක ගැනීමට හැකි වූ බවද සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම ඉගැන්විම් සෙනසුරාදා සවස් කාලයේ සිදුවූ බවත් පන්තිය එම ස්ථානයේ පැවැත්වුණේ දින 3 ක් පමණක් බවත් සාක්ෂිකරු සඳහන් කළේය.

2019 අප්‍රේල් මස 17 වැනිදා ඉන්ෂාෆ් සිය කාර්යාලය වෙත දවල් 1.30 ට ආසන්න වේලාවකදී පැමිණ රුපියල් මිලියන 34 ක මුදලක් ලියු චෙක්පතක් ලබාදී එය මුදල් කරගෙන එන ලෙස දැන්වූ බව කළමනාකාරවරයා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එම මුදලින් රුපියල් ලක්ෂ 54 ක් සිය සහෝදරයා වන ඉෆ්ලාල් අහමඩ්ගේ බැංකු ගිණුමටද ඉන්ෂාෆ් ගේ ගිණුමට රුපියල් මිලියන 27.5 ක්ද ඉතිරි රුපියල් ලක්ෂ 11 ක් සේප්පුවේ දමන ලෙස ද ප්‍රකාශ කළ බව ඔහු සඳහන් කළේය.

එම ලක්ෂ 11 රුපියල් 5000 නෝට්ටුවලට මාරු කරගන්නා ලෙස සඳහන් කර ඇති අතර පසු දිනයේ නැවතත් රුපියල් ලක්ෂ 54 ක චෙක්පතක් ලියාදුන් බවද සඳහන් කර තිබේ.

ඉන්පසුව ඔහු පිටේ බැදගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන ත්‍රිරෝද රථයකින් කාර්යාලය වෙත පැමිණි අතර තමන් බෑගයට මුදල් පිරවූ බවත් සඳහන් කළ කළමනාකාරවරයා එම අවස්ථාවේ බෑගයේ කහපාට කලිසමක් සහ කැප් එකක තිබූ බවත් සඳහන් කළේය.

අනතුරු අ‍ප්‍රෙල් මස 18 වැනිදා රාත්‍රී 7 – 8 අතර කාලය තුළ ඉන්ෂාෆ් නැවත සිය සුඛෝපභෝගි ජිප් රථයෙන් කාර්යාලයට පැමිණ තමන්ට රුපියල් ලක්ෂ 65 ක මුදලක් ජිප් රථයේ පිටුපසින් තබන ලෙස කියා සිටි බව කළමනාකාරවරයා සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේය.

එමෙන්ම නව ජීප් රථයේ පොත සහ ලියකියවිලි තමන්ට ලබාදී හිස් චෙක්පත් 10 කට අස්සන් තබා එය ලබාදී ඉන්ෂාෆ් ජිප්රථයෙන් තනිවම පිටව ගිය බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අප්‍රේල් 23 වැනිදා ඉන්ෂාෆ් මැලේසියාවට යාමට ගුවන් ටිකට් පතකට මුදල් ගෙවා වෙන්කර තිබූ බවද මැයි මාසයේ සිය පවුල සමග මක්කම වන්දනාවේ යාමටද ගුවන්ටිකට් පත් වෙන්කර තිබු බව කළමනාකරු සඳහන් කර ඇත.

ඉන්ෂාෆ් අවුරුදු එකහාමාරක කාලයක පමණ සිට මෙසේ වෙනස්වීමකට ලක්වූ බවත් තමන් කිසිදිනෙක ඔහු මෙවැනි දෙයක් සිදුකරගනීවී යැයි නොසිතූ බවත් කළමනාකාරවරයා සඳහන් කළේය.

ඉන්ෂාෆ් සිදුකළ ක්‍රියාවන් නිසා මුළු රටම අපහසුතාවට පත්වූ බවද තමන්ගේ පුත්‍රයාද මෙම ස්ථානයේ සේවය කළ නිසා අද වන විට රැකියාවක් සොයා ගැනීමේදි මිට පෙර රැකියාව කළ ස්ථානය විමසූ විට කිසිඳු රැකියා අවස්ථාවක් ලබානොදෙන බවද කොලෝසස් සමාගමේ කළමනාකාරවරයා සඳහන් කර තිබේ.

Related posts

රේගුවේ ඵලදායීතාවය නැංවීමට ජනාධිපති පරීක්ෂණ කොමිසමක්

colombotoday

කොරෝනා වැළඳී රෝහලේ සිටින පුද්ගලයා සමග සිටි තවත් පුද්ගලයෙකුට කොරෝනා වැළඳෙයි

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin

හඩ්සන් සමරසිංහ මුස්ලිම් සමාජයෙන් ප්‍රසිද්ධියේ සමාව ගනී

colombotoday

ඌවතැන්නේ සුමන හිමි CID අත්අඩංගුවට

Admin

21 වෙද්දී මරණ අඩු නොවුනොත් 30 දක්වාම සංචරණ සීමා

colombotoday