Colombo Today Local News

සජිත් ගොඩදාන්න සහරාන්ගේ බිරියත් කැදවයි… පාස්කු ප්‍රහාරය ගෝඨාගේ වැඩක් කියන්න වීඩියෝවක් හදයි !

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට කරන ලද සමික්ෂණයන්ට අනුව 60% වඩා  ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බව මහනුවර දිස්ත්‍රික් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා එ බැව් කියාසිටියේ අද  (07)  නාවලපිටිය මහින්දානන්ද  පදනම් ආයතනයේ පැවැති  මාධ්‍ය   හමුවකදිය.

මෙම  හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු  මහින්දානන්ද මන්ත්‍රිවරයා ,

“බුද්ධි අංශ වල තොරතුරු සහ සමික්ෂණ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා 60% වඩා ඉහළ  ප්‍රතිශතයක ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බරපතළ  පරාජයකට පත් වෙමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂය මඩ ප්‍රහාරය සිදු කිරිමට මුදල් වැය කරමින් සිටිනවා.  21 ප්‍රහාරයට මුල් වුණ  නායකයා සහරාන්ගේ බිරිඳගෙන් විශේෂ ප්‍රකාශයක් කරලා විඩියෝවක් හදලා 13 වෙනිදා රැට දාන්න සැලසුම් කරලා තියෙනවා.  එකෙන් කියන්න උත්සාහ කරනවා සහරාන් ගෝඨාභය රාජපක්ෂ මහතා , මහින්ද රාජපක්ෂ මහතා සමග සම්බන්ධතා තිබුණා කියලා.

හිස්බුල්ලා මහතා කියලා තිබුණා දෙවන මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙනා කියලා. අපිට කිසිදු දෙවන මනාපයක් අවශ්‍ය නැ .  ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලිවම කිව්වා 21 ප්‍රහාරයට සම්බන්ධ කිසි කෙනෙකුගේ සහාය මේ මැතිවරණයට අවශ්‍ය  නෑ  කියනා එක. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා කියලා තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වලු සුළු ජාතින්ගේ සහාය ඕනි නැ කියලා ප්‍රකාශයක් කරා කියලා.  එතුමා කිසිදු එවැනි ප්‍රකාශයක් කරලා නැ.

Related posts

ඇමරිකානු තානාපතිනී ජූලී චන්ග් හදිසියේ පාර්ලිමේන්තුවට

Admin

වැලිපැන්නේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග පුද්ගලයෙක් කොටු

colombotoday

විදෙස්ගත ශ්‍රමිකයන්ට තීරුබදු රහිත වාහනයක් සහ දායකත්ව විශ්‍රම වැටුපක් !

colombotoday

කළුබෝවිල රෝහලේ සුළු සේවකයින් විරෝධතාවයක

colombotoday

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් වහාම ආනයනය කෙරේ.. ඇමති බදියුදීන් ටෙන්ඩර් කැදවයි !

colombotoday

විහාරස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ සැලැස්මක්…

colombotoday