Colombo Today Local News

ශ‍්‍රී ලංකාව ටික දවසකින් ස්ථිරවම චීන කොලණියක්.. ඊට විරුද්ද ඇමරිකා කොලණි කුමන්ත‍්‍රණය 20 සංශෝධනයයි..

මේ යන ආකාරයට තවත් වසර කිහිපයක් ඇතුලත ශ්‍රී ලංකාව ස්ථිර වශයෙන්ම චීන කොලණියක් බවට පත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊට එරෙහිව ශ්‍රී ලංකාව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක වන බවත් ඒ සදහා වන ඇමෙරිකානු දූත කණ්ඩායම නුදුරේදීම ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසයි.

විසිවෙනි සංශෝධනය වනු ශ්‍රී ලංකාව චීන කොලනියක් බවට පත්වීමට එරෙහිව ඇමරිකානු කොලනියක් බවට පත්කර ගැනීමේ කුමන්ත්‍රනය බවද ඔහු පෙන්වා දෙයි.

ජනතාව විශ්වාසය තබා ජනාධිපතිවරයෙකුට ආණ්ඩුවකට රට බාර දී ඇත්තේ රට රැක ගැනීමට නමුත් ඔවුන් රට පාවාදෙනවා නම් ජනතාව අසරණයි කියා බලා නොසිටිනු ඇති බවත් ජනතාවට තම බලය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවක් එළඹෙනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

Related posts

සිංහල පොලිසිය ශ්‍රී ලාංකික පොලිසිය විය යුතුයි.. උතුරේ  දමිල තරුණයින් වැඩි වැඩියෙන් පොලිසියට එක්විය යුතුයි

colombotoday

“බැදුම්කර මගඩිය මහින්දගේයි.. අපි නීතිමය පියවර ගන්නවා“ – මුදල් අමාත්‍යාංශය

colombotoday

පෙට්‍රල් බෝතලයක් 800යට වික්ක පොම්පකරුගේ බිරිඳ මාට්ටු

colombotoday

ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැව් සති ගනන් අතරමග

colombotoday

ආනයනික ලොකු ලූනු කිලෝවකට රුපියල් 40ක බද්දක්

colombotoday

“ලක්ෂ පහ අරගෙන එළියට බැහැපල්ලා” – සංවර්ධන කමිටුවේදී ඇමති චම්පික යකා නටයි

colombotoday