Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය ලෝකයම පුදුම කරලා.. ලංකාවේ ක්‍රමවේදය ලෝකයම අධ්‍යනය කරනවා..- නෝර්වේ තානාපති කියයි

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ලෝකයම මවිතයට පත් කර ඇතැයි ඒ කොළඹ සිටින නෝර්වේ තානාපති සඳහන් කර තිබේ.

නොර්වේ තානාපති ටිනි යොරැන්ලි මහත්මිය මේ බව සඳහන් කර තිබුණේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සමඟ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන ක්‍රමවේදය මේ වන විට ලෝකයේ බොහෝ රටවල් අධ්‍යයනය කරමින් සිටින බවද ඇය සඳහන් කර ඇත.

ලොව අනෙක් රටවලටද ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධන අත්දැකීම් හා පළපුරුද්ද භාවිතයට ගැනීම ඉතා වැදගත් බව ලෝකයේ බොහෝ රටවල් අවබෝධ කර ගෙන ඇතැයි ද ඇය පවසා ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු වෙනුවෙන් නොර්වේ රාජ්‍යය පූර්ණ සහය ලබා දීමට සූදානමින් සිටින බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.

Related posts

අල්ලස් ගන්න ගිය පොහොට්ටු ප්‍රාස සභාපතිට වැඩ වරදී

Admin

රු. කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

විජේදාස සමුගනී.. විශේෂ ප්‍රකාශයකට සූදානම් !

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අලුත් කිසිවක් කියැවුණේ නැහැ

colombotoday

කොටි මහවිරු සමරුවට අවසර දීම ගැන යහපාලන රජයට උතුරෙන් පැසසුම් !

colombotoday