Colombo Today Local News

ශ්‍රී ලංකන් ගුවන් සේවය කුප්‍රකට කොටි ඒජන්තයෙකුට විකුණා දැමීමේ තැතක්… කැබිනට් පත්‍රිකාව සූදානම්

ශ්‍රි  ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් , ඒ අනුව ශ්‍රි ලන්කන් ගුවන් සේවය ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව  අමාත්‍ය  මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් , ශ්‍රි ලන්කන් ගුවන් සේවයේ ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න මහතා පැවසීය .

ඒ මහතා මෙසේ පැවසූවේ අද (4)  දින කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පෙරවරුවේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීන් ද එක් වී සිටියහ

මේ සඳහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් , වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු දෙක වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට පිඹුරුපත් දැනට සකසා ඇති බවත් , මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇඳ වැටී බංකොලොත් වන බවත් සභාපතිවරයා පැවසීය .

එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනයද දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සඳහා බදවා ගෙන ඇති බව ද හෙළිදරව් කළේය .

මෙම ගණුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සඳහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම , වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා අනාවරණය කළේය .

වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සඳහා කිසිවක් නොකළ බවත් , ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදු කළ බවත් පැවසීය .

මේ නිසා පසුගිය වසර 10 ක කාලය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85 ක් බවත් , එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 4 ක අලාභය රුපියල් බිලියන 100 ක් බවත් පැවසීය .

ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු වන්නේ කුප්‍රකට ඊ.ඒ.පී ගනුදෙනුවේදී නම කියවුණු අලිරාජ් සුභාෂ්කරන් නමැත්තාටයි. ශ්‍රී ලංකාවේ මුලතිව් හී ඉපිද පසුව ප්‍ර‍ංශයට ගොස් ඇති අලිරාජ් සුභාෂ්කරන් බ්‍රිතාන්‍යයේ කොන්සවේටිව් පක්ෂයේ හා හිටපු අගමැති ජෝන් මේජර්ගේ ප්‍ර‍බල මූල්‍ය ආධාරකරුවකු වන අතර අගමැති රනිල් වික්‍ර‍මසිංහ මහතාගේ ද සමීපතමයකු බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ හිදිමින් ලයිකා මොබයිල්, ලයිකා හෙල්ත්, ලයිකා ෆලයි, ලයිකා එන්ටර්ටේට්මන්ට් ලෙස ලොව පුරා රටවල් 21ක ව්‍යාපාර පවත්වාගෙන යන මෙම ව්‍යාපාරිකයා, මිලියන ගණනින් බදු වංචා කිරීම හා මුදල් විසුද්දි කරණය යන චෝදනා මත ප්‍ර‍ංශ පොලිසියේ අත්අඩංගුවටද පත්ව තිබේ.

කොටි සංවිධානයට හා ද්‍ර‍විඩ ඩයස්පෝරාවාට ප්‍ර‍සිද්ධියේ උදව් උපකාර කරන දකුණු ඉනිදියානු සිනාමා කරුවන් වන රජිනි කාන්ත්, සූර්යා, විජය වැනි වුන් සමග ද සමීප ඇසුරක් පවත්වන සුභාෂ්කරන් ඔහුගේ ලයිකා එන්ටර්ටේට්මන්ට් හරහා කොටි හිතවාදී චිත්‍ර‍පටි රැසක් ද නිෂ්පාදනය කර ඇත.

Related posts

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරය කොටි අවතාර යටතට?

colombotoday

සුදුවෑන් නඩුවේ විමර්ශන අවසන් අධියරට

colombotoday

ගෑස් මිල අඩු වීම හා තේ කෝප්පයේ මාධ්‍ය සංදර්ශනය

colombotoday

බස්නාහිර පළාත තුල කොරෝනා තත්වයේ යම් පාලනයක්

colombotoday

අරාබි බසින් ලියන ලද බැනර් සහ සැක කටයුතු තහඩු පුවරු 500 ක් හමුවෙයි..

colombotoday

පාසල් දැරිය කෙළෙසා නිරුවත් වීඩියෝ විදුහල්පතිට යවලා

Admin