Colombo Today Local News

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

වෙසක් සහ පොසොන් පොහෝ දිනවලදී තොරණ ප්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඉතා වැදගත් මේ පොහෝ දිනවලදීත් තරුණ පිරිස පන්සලේ රැඳී නොසිටීම හේතුවෙන් මේ පියවර ගෙන තිබේ. සවස් කාලයේදී ආගමික වතාවත්වලට වැඩිහිටියන් කිහිපදෙනකු ඉතිරි වෙනවා මිස වෙනත් කවුරුවත් පන්සල්වල රැඳෙන්නේ නැතිකම නිසා සියලු තොරණ පෝයට පසුදින සිට ප්‍රදර්ශනය කරන ලෙසට දන්වන බවද කියති.

අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ විශ්‍රාමලත් ගුරු උපදේශක ශාස්ත්‍රපති ගල්වෙහෙර විමලසිරි හිමියන්ට අක්ත පත්‍ර ප්‍රදානය කිරීම නිමිත්තෙන් බළපිටිය පාතේගම කෝවිලවත්ත බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී පැවැති උත්සවයකදී බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මේ බව හෙළි කළේය.

මව්බිම

Related posts

බදියුදීන්ගේ බිරිඳ, මාමණ්ඩිය සොහොයුරා අද උසාවියට

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංවිම ඉංජිනේරුවන් වැඩ වර්ජනයේ

colombotoday

උපවාසයේ නිරත ආබාධිත රණවිරුවෙක් අසාධ්‍යව රෝහලේ

colombotoday

රනිල්ට හිතුවක්කාරකමට ETCA අත්සන් කරන්න දෙන්නෑ.. සහය දීමගැන ශ්‍රීලනිපය තීරණයක් ගෙන නෑ

colombotoday

12 පංතියේ සිසුවා 11 සිසුවාට පිහියෙන් ඇන රෝහලේ…

Admin