Colombo Today Local News

විග්නේෂ්වරන් අධිකරණයට අපහාස කිරීම.. නඩුව විභාගයට ගන්නවාද, නැද්ද – තීරණය දෙසැම්බරයේ

අධිකරණ නියෝගයක් පිළිනොපැදීම හේතුවෙන් අධිකරණයට අපහාසයක් සිදුකරන ලදැයි හිටපු
ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරුවරයකුද වන උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව ගොනු කොට ඇති නඩුව ඉවත දමන ලෙස ඉල්ලා සිටිමින් ඔහු විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාව පිළිගන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව දෙසැම්බර් මස 10 දින ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

කුමුදුනී වික්‍රමසිංහ හා ජනක් ද සිල්වා යන ද්විපුද්ගල අභියාචනාධිකරණ විනිශ්චය මණ්ඩලය හමුවේ මෙම කරුණ පෙරේදා (16දා) විමසුමට ලක් විය.

උතුරු පළාත් ධීවර හා ගමනාගමන ඇමැති ධුරයෙන් තමා ඉවත් කිරීමට එරෙහිව බාලසුබ්‍රමනියම් ඩෙනීශ්වරන් මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය පෙත්සම් විභාගය ආරම්භයේදීම ඉල්ලා සිටි අතුරු සහනයක් ලබාදෙමින් එකී ඇමැති ධුරයන්ට ඔහු යළි පත්කරන ලෙසට මහ ඇමැතිවරයාට අතුරු නියෝගයක් නිකුත් කළේය.

එහෙත් එම නියෝගය ක්‍රියාත්මක නොකරන ලදැයි අභියාචනාධිකරණයට පැමිණිලි කළ පෙත්සම්කාර ඩෙනීශ්වරන් මහතා එසේ ක්‍රියාකිරීම මඟින් මහ ඇමැතිවරයා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

මහ ඇමැතිවරයා එම ඉල්ලීමට විරෝධතාවක් ඉදිරිපත් කරමින් එකී අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ඉවත දමන ලෙස අභියාචනාධිකරණයෙන් අයැද සිටියේය.

ඒ පිළිබඳ සිය තීන්දුව දෙසැම්බර් 10 වැනි දින ප්‍රකාශ කිරීමට පෙරේදා (16දා) අභියාචනාධිකරණය තීන්දු කරනු ලැබීය.

Related posts

“රටට සිදුවෙන සියළු දේට වගකියන්න ඕන ආණ්ඩුවට මුක්කු ගහපු හතළිස් පස්දෙනයි” – දිලුම්

colombotoday

ඉල්ලන ඕනම විදිහකට පොහොර සහනාධාරය දෙන්න සූදානම් – කෘෂිකර්ම ඇමති

colombotoday

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

කංජිපානිගේ පියා ඇතුළු 6 දෙනා තවදුරටත් රිමාන්ඩ්

colombotoday

විජිතපුර නටඹුන් ඩෝසර් කිරීමට අවසර දී ඇත්තේ ප්‍රාදේශීය ලේකම්වරියයි – පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයා කියන කතාව මෙන්න

colombotoday

හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති.

colombotoday