Colombo Today Local NewsCovid 19

වැලිසර නාවික කඳවුරේ තවත් නාවිකයන් 30 කට කොරෝනා.

වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
ඊයේ දිනයේදී තහවුරු වූ 30 දෙනාද සමඟ අද වන විට  නාවික සෙබළුන් 60 දෙනකු ආසාදිත වී ඇති බවට යුද  හමුදාපතිවරයා කීවේය.

වැලිසර කඳවුර මේ වන විට සම්පුර්ණයෙන් හුදෙකලා කර ඇති බවත්  දිගටම පී සී ආර් පරීක්ෂණ සිදු කෙනෙ බවද හමුදාපතිවරයා සඳහන් කළේය.
 
ඔවුන් ඇසුරු කළ පුද්ගලයින්  සහ  නිවාඩු ලබා ගොස් සිටින පිරිසගේ නිවෙස්වල පිරිස් සියලුදෙනා පිළිබඳව  සොයා බලා නිරෝධායන කටයුතු සිදු කරන බවද  යුද හමුදාපතිවරයා කීවේය.
 
නාවික හමුදාව විසින්  ඔවුන් වෙනුවෙන් වෙනම නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවන බවද  යුදහමුදාපතිවරයා අනාවරණය කළේය
 
 කොරෝනා මැඩලීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනයේ අද (24) පැවැති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන කළේය.

Related posts

ෂාෆිගේ සාපයට ලක්වූ සිංහල මව්වරුන්ගෙන් පැමිණිළි ගලා එයි…

colombotoday

ඇලෝසියස් මෙන්ඩිස් සමාගමේ ගිණුමෙන් කෝටි 100ක අල්ලස් දීලා..

colombotoday

මහින්දගේ අලුත් පක්ෂය එළියට එද්දී ශ්‍රීලනිපය කරන්න යන දේ මෙන්න

colombotoday

ගෝඨාට එරෙහි ඇමරිකාවේ නඩු බල රහිත වේ !

colombotoday

සහරාන් සමග සබඳතා පැවැත්වූ 5ක් ඩුබායි සිට මෙරටට රැගෙන එයි !

colombotoday

එජාපයේ මුස්ලිම් ඇමතිවරයෙක් කොකෙන් තොගයක් ගෙන්නුවා – රන්ජන් හෙළිකරයි

colombotoday