Colombo Today Local News

රෝගී ජීවිත අනතුරේ – අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක හිගයක්.

අගෝස්තු මාසයේ 30 වැනි දින වන විට මධ්‍යම බෙහෙත් ගබඩාවේ රෝගීන් සදහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 319 ක් නොමැති බවට වෛද්‍ය සංගමය අනාවරණය කරයි.

ඔවුන් මේ බව අද (02) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවේදී කියා සිටියා.

ඒ අනූව ඉදිරි දින කිහිපය වන විට දීප ව්‍යාප්තව පිහිටි රෝහල් වලට මෙම හිගය බලපානු ඇති බවට ද ඔවුන් විසින් පෙන්වා දුනි.

මීට අමතරව අනෙකුත් ඖෂධ වර්ග 324 ක් ද නොමැති බවත්, ඒ අනූව ඖෂධ වර්ග 643 ක හිගයක් පවතින බවත්, ඒ සම්බන්ධව වන වාර්තා ද තම සංගමය සතුව පවතින බවද ඔවුන් විසින් හෙළිදරව් කරන ලදී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දැක්වූ වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පහත අදහස් පල කරන ලදී.

පසුගිය කාලය පුරාම අප සංගමය විසින් ඖෂධ අර්බුධය සම්බන්ධයෙන් දිගින් දිගටම හෙලිදරව් කලා, ඖෂධ වල ප්‍රමිතිය පිළිබද බරපතල ගැටළු රැසක් තිබෙන බවත්, රජයේ රෝහල් වල පවතින දැඩි ඖෂධ හිගය සම්බන්ධවත් සාක්ෂි හා සාධක සහිතව විගණකාධිපති වාර්තාවන් සහිතවද අනාවරණ කලා.

විශේෂයෙන්ම ඖෂධ හිගයන් සම්බන්ධව රෝහල් ආශ්‍රිතව මාධ්‍ය සාකච්ඡා පවත්වා රජයේ වෛද්‍ය සංගමයට අදාළ ශාඛා සංගම් විසින් ද කරුණු හෙළි කලා. නමුත් කරුණු එසේ තිබියදීත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් කටයුතු කලේ අදාළ නොවන පිළිතුර ලබා දීමත්, නන් දෙඩවීම් සිදු කිරීමත්ය.

අදාළ අමාත්‍යවරයා රෝගී ජනතාවගේ ගැටළු විසදීම වෙනුවට කරුණු හෙළි කල වෛද්‍යවරුන්ට එරෙහිව අත්තනෝමතික අයුරින් විනය පරීක්ෂණ ආරම්භ කරමින් සිටී, මධ්‍යම බෙහෙත් ගබඩාවේ අධ්‍යක්ෂවරයා ඇතුලු දේශපාලන හිතවතුන් යොදා ගනිමින් ඖෂධ හිගයක් නොමැති බැව් පෙන්වීමට උත්සාහ දරයි, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහිතව නාමික වෛද්‍ය සංගම් පිහිටුවමින් වෛද්‍යවරුන් අතර බෙදීමක් ඇති බව රටට පෙන්වීමට කටයුතු කරමින් සිටින බවට කියා සිටින ලදී.

Related posts

අන්තර්ජාල වේගය මන්දගාමීයි. | පාරිභෝගිකයින්ගෙන් Dialog සමාගමට කුණු බැනුම්

colombotoday

ගුරුකන්ද විහාරස්ථානය ගැන දුන් තීන්දුව තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ඇමතිලාට වාහන ගන්න කෝටි 79ක් ඉල්ලා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday

ඇමෙරිකාවෙි මහ මොළකරැ ෂෙක් මොහොමඩ්ට විරුද්ධව නඩු පැවරුවේ අවුරුදු විස්සකට පස්සේ – මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර

colombotoday

ඉන්ද්‍රා පොලිස් වෙඩි පහරින් මරුට

colombotoday