Colombo Today Local News

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday.com විමර්ශන අංශයේ ගවේෂණාත්මක අනාවරණය

ඉකුත් ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේත් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ධුරය දරන ඉන්දියානු සම්භවයක් සහිත රිෂාඩ් බදුර්දීන් අනාත කදවුරක අනාථාධාර බෙදීම සම්බන්ධීකරණය මගින් කරලියට පැමිණි පුද්ගලයෙකි. එවකට අනාථාධාර පිලිබදව වගකිවයුතු රජයේ ප්‍රධානියා (දැනට ජිවතුන් අතර නොමැති හිටපු මන්ත්‍රීවරයෙකි) සමග එකතුව අනාථාධාර වංචාකර මුදල් බෙදාගැනීමෙන් මුලික ධනය හරිහම්බ කර ගන්නා ලදී.

අනතුරුව දේශපාලනයට පැමිණෙන රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා අනථාධාර වංචාව දිගටම කරගන ගොස් ඇත. මේ අතර තුර ඔහුට වැඩිම කප්පම් මුදල ලැබෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියගෙනි. 2002 වසරේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බිදවැට්ටවීම සදහා පක්‍ෂ මාරුකිරීම වෙනුවෙන් ලංකාවේ විශාලතම වැට් බදු වංචාකරු වන කුදිබ්දින් හරහා රුපියල් කොටි තුනක මුදලක් ඔහුට ලැබුණි. මෙම මුදල් ඇමති මංගල සමරවීරගේ නිවසේ සිට ගොනිවලට දමා ලොරි රථයක් මගින් ප්‍රවාහනය කර අප්‍රකට ස්ථානයකදී ඇමති රිෂාඩ්ට ලබාදී ඇත.

අනතුරුව රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කල බදුර්දීන් ඇමතිවරයා එමගින් උපයාගත් මුදල් යොදවා තම පවුලේ සාමාජිකයන් නමින් රට වටා දේපල මිලදී ගන්නා ලදී. මේ අතර පුත්තලම ප්‍රදේශයේ ක්‍රියාත්මකවූ ග්‍රාමීය සංවර්ධන පදනමක් වන රාජ්‍ය නොවන සංවිධානයක් සතු මිලියන 500ක් ලබාගැනීමට උත්සහ ගත් අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියාගේ මළසිරුර බදුර්දීන් ඇමතිවරයාට අයත් නිවසක වැසිකිලි වලක තිබී සොයා ගන්නා ලදී.

අවතැන්වුවන් බාර ඇමතිවරයා ලෙස සිටින අවදියේදී සියලුම ඉදිකිරීම් සිදුකර ඇත්තේ බදුර්දීන් ඇමතිවරයාගේ සහෝදරයට සහ බිරිදට අයත් “මාගා” නමැති සමාගමක් යටතේය. ඇමති වරප්‍රසාද යොදාගනිමින් සමහර රාජ්‍යයන්වලින් ලබාගත් මුදල් අද වනවිටත් අස්ථානගතව ඇත.

අනතුරුව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා සමග LTTE ත්‍රස්තවාදීන්ට විරුද්ධව පලිහක් ලෙස මුස්ලිම් ජනතාව භාවිතා කළහැකි බව බොරු පවසමින් සහ මැතිවරණයකදී ප්‍රදේශයේ දෙමළ බලය අඩුකර මුස්ලිම් බලය වැඩිකිරීමේ අරමුණින් මන්නාරම ප්‍රදේශයේ ජනගහන සංයුතියේ වෙනසක් කිරීමේ රහස් සාකච්චාවක ප්‍රතිපලයක් වශයෙන් අවතැන්වුවන්ගේ නාමය යොදාගන මන්නාරම ආශ්‍රිත වන සංහාර සිදු කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීය.

කුප්‍රසිද්ධ කරුන්කා ජාවාරමේ ප්‍රදාන පාර්ශවකරුවා වන්නේද ඇමති රිෂාඩ් බදුර්දින්ය. ව්‍යාපාරික බලපත්‍ර මුස්ලිම් ජාතිකයන්ට පමණක් ලබා දීමේ වැඩසටහනක නිරතවුණු ඔහු අනෙකුත් වයපරිකයන් සදහා බලපත්‍ර ලබාදීමට විශාල වශයෙන් අල්ලස් ලබාගෙන ඇත. ඒ සදහා තම හිතවතුන් යොදාගත් ඇමතිවරයා මැලේසියාවේ ක්‍රියාත්මක භූමිපුත්‍ර සංකල්පයට අනුව මෙම ජාවාරම් සිදු කරන ලදී.

පසුගිය ජනාධිපතිවරණයේදී පැත්ත මාරු කිරීමට මුලිකම හේතුව වන්නේ හිටපු ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂ මහතා සිදුකල පහරදීමක්ය. නාමල් රාජපක්‍ෂ මහතාගේ හිතවතකුවන Jශ්‍රී රංගා මහතාට පහරදීමට ඇමති රිෂාඩ් බදුර්දීන් මහතා උත්සහ දරා ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පක්‍ෂ මාරු නොකිරීමට පොරොන්දු වන රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයා අරලියගහ මන්දිරයට පැමිණෙන අතර එහිදී මෙම ගාලගෝට්ටිය ඇතිවී ඇත. අනතුරුව පැරණි හිතවතකු ලබාදුන් ලන්සුවකට අනුව ජනාධිපතිවරණ පක්ෂ මාරුව සිදුවිය.

මේ දූෂණ වංචා යටිමඩි මෙගාඩීල් වලින් පිරුණු බදුර්දීන්ගේ ලේ තැවරුණු දේශපාලන දිවිය ගැන සංක්ෂිප්ත සටහනක් පමණකි. මේ පිළිබදව ඉදිරියේදී එකින් එක සාක්ෂි සහිතවම ජනතාව ඉදිරියේ දිගහැරීමට colombotoday අපි සූදානම්ව සිටින්නෙමු.

 

Related posts

ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයෙන් ලොව සෙසු රටවලට වඩා ඉදිරියෙන් – සෞඛ්‍ය ඇමතිනී

colombotoday

මැතිවරණ කොමිසම පුංචි ඡන්දෙ ගැන තීරණයකට අදත් රැස්වෙයි

Admin

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin

රෝගියකුට ඔක්සිජන් සිලින්ඩරයක් ගෙන යමින් සිටි අයෙකු පිහියෙන් ඇන කපා දැමු රෝහල් සේවකයා

colombotoday

උමාරා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට කැඳවයි

Admin

වචනයට සීමා නොවී, සංහිදියාව ඉදිරියේදී ක්‍රියාවෙන්ම පෙන්නනවා – ජනපති

colombotoday