Colombo Today Local News

රාජ්‍ය ඇමති හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි…

සෞදි රජයේ ආධාරයෙන් ‘මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා යොදවා ගත් ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94ක් වටිනා යන්ත්‍රෝපකරණ සහ අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලදැයි සහ ඒ භාණ්ඩ සම්බන්ධයෙන් විශ්වාසය කඩකරන ලදැයි පැවසෙන සිද්ධියට සම්බන්ධ බව පැවසෙන රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලා මහතා හා ඔහුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වාලච්චේන මහේස්ත්‍රාත් එම්. රිස්වාන් මහතා නියම කළේය.

මෙරට නීති සම්පාදනය කරන ආයතනයේ සාමාජිකයන් වන මෙම අපරාධයට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් නීතිය කඩ කරනවා පමණක් නොව, නීතියට ගරු කරන්නේ හෝ නැතැයි පවසමින් නීතීඥ අජිත් පතිරණ මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

‘ලංකා බිල්ඩර්ස් කෝපරේටිව් සොසයිටි’ සමාගමේ සභාපති ආචාර්ය ප්‍රභාත් උක්වත්ත මහතා පොලිස්පතිවරයා මාර්ගයෙන් පසුගිය ජනවාරි මාසයේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

මෙම සිද්ධියට අදාළව සිදුකළ පරීක්‍ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු සෞදි රජයේ ආධාරයෙන් මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකරන බවත්, එහි සභාපතිවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. හිස්බුල්ලාද, එහි අධ්‍යක්‍ෂවරයෙකු වශයෙන් ඔහුගේ පුත්‍රයා වන හිරාස් හිස්බුල්ලාද කටයුතු කරන බව දැනුම් දුන්හ.

ලංකා බිල්ඩර්ස් කෝපරේටිව් සොසයිටි සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු ඉදිරිපත් කරමින් මඩකලපුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි 04ක් ඉදිකිරීම සඳහා 2015 වසරේදී තම සේවාදායකයා තෝරා ගත් බවත්, පසුව ඔහුගේ වැඩ හොඳ බව පවසමින් එහි ගොඩනැගිලි 34ම ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්තුව ඔහුට භාරදුන් බවත් එහි ඉදිකිරීම් වියදම වශයෙන් රුපියල් මිලියන 3,600කට අධික මුදලක් ගෙවීමට ඔවුන් එකඟතාව පළකර ඇති බවත් දැනුම් දුන්නේය.

තම සේවාදායකයා ඉදිකිරීම් කටයුතු සිදු කරද්දී පාලනාධිකාරයෙන් කළ දැනුම් දීමට අනුව ඔවුන් හඳුනන අයෙකුගෙන් ඉදිකිරීම් සඳහා වැලි මිලදී ගැනීමට සිදු වූ බවත්, එලෙස වැලි ගෙනා ලොරි කිහිපයක් පොලීසියෙන් එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගත් අතර, එම අවස්ථාවේදී තම සේවාදායකයා ‘හොර වැලි මට ගන්න බැහැ’ යනුවෙන් පැවසීමෙන් අනතුරව මේ සියලුම ප්‍රශ්න පැනනැගුණු බවත් දැනුම් දුන් නීතිඥ අජිත් පතිරණ මහතා, අනතුරුව එහි ඉදිකළ ගොඩනැගිලිවලට ගෙවිය යුතු මුදලින් අඩක් නොගෙවා තම සේවාදායකයා මෙන්ම ඔහු යටතේ සේවය කළ ඉංජිනේරුවරුන් දසදෙනෙකු හා සේවකයන් 300කට අධික පිරිසක් එතැනින් පලවා හැරි බවත් දැනුම් දුන්නේය.

මඩකලපුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යොදවා ගත් තම සේවාදායක ඉදිකිරීම් සමාගම සතු රුපියල් මිලියන 94කට අධික වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ මෙන්ම එම ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ගෙනැවිත් තිබූ වානේ කම්බි, සිමෙන්ති, ගල්, ඇතුළු අමුද්‍රව්‍ය පැහැර ගන්නා ලද බවත්, මේ සම්බන්ධයෙන් 2016 පෙබරවාරි මාසයේදී එම ප්‍රදේශයේ පොලීසියට මෙන්ම අවසානයේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා දක්වා පැමිණිලි කළද, මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් සිදු නොවූ බවත් නීතිඥ අජිත් පතිරණ මහතා දැනුම් දුන්නේය.

පසු අවස්ථාවකදී පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකින් අනතුරුව රහස් පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කරන ලදැයි දැනුම් දුන් නීතිඥවරයා, මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නැතැයිද දැනුම් දුන්නේය.

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන මස 03 වැනිදා සිද්ධියට අදාළව සිදු කරන පරීක්‍ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසද නියම කළේය.

අද

Related posts

විදේශ ඇමති අද මානව හිමිකම් කවුන්සිලයේ 46වන සැසිය අමතයි

colombotoday

කොළඹ 13 ජින්තුපිටියේ ආසාදිතයාගේ පවුලේ කිසිවෙකුට කොරෝනා නෑ

colombotoday

කොන්ක්‍රීට් ස්ලැබ් එකක් මතින් වැටී කාන්තාවක් ජීවිතක්ෂයට

Admin

නීතියට එකග නෑ, ව්‍යවස්ථාවටත් පටහැනියි “ඔබට මෙහෙ නඩු අහන්න බෑ“ – හිටපු ජනපති ජපන් විනිසුරුට කියයි

colombotoday

“අපේ සටන ඉවර නෑ… සාගල රත්නායකත් වහා ඇමතිකමෙන් නෙරපිය යුතුයි” – රාජිත පුත් චතුර

colombotoday

ගැබිනි මව්වරුන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළට – වහාම එන්නත් ලබා ගන්නැයි උපදෙස්

colombotoday