Colombo Today Local News

රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට

කොළඹ පවතින මාර්ග තඳබදයට පිළියමක් ලෙස ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම අද (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතව තිබේ.

රාජගිරිය, බොරැල්ල සහ තඳාසන්න ප්‍රදේශවල පවතින අධික රථ වාහන තඳ බදයට විසදුමක් ලෙස වත්මන් රජය විසින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය.

උදෑසක සහ සවස් කාලයේ කොළඹට ඇතුළු වන සහ පිටවන රථ වාහන තදබදය මෙම නව ගුවන් පාලම ඉදිකිරිම් කටයුතු අවසන්වීමත් සමඟ අඩුවනු ඇති බව සඳහන්ය.

පාලමේ ඉදිකිරිම් කටයුතු මෙම වසර අවසානයේ ඉදිකර අවසන් කිරිමට නියමිතව තිබුණ ද එහි කටයුතු මාස 11ක් වැනි කාළයක් තුළ අවසන් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

මංතීරු හතරකින් සමන්විත මෙම ගුවන් පාලම දිගින් මිටර් 534ක් වන අතර මීටර් 180ක පිවිසුම් මාර්ගයකින් ද සමන්විතය.

ස්පාඤ්ඤ සමාගමක් සහ දේශිය සමාගමක් එක්ව 2016 වසරේ මෙම ගුවන් පාලමේ ඉදිකිරිම් අරම්භ කළ අතර ඒ සදහා රුපියල් මිලියන 4700ක් වැය කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

Related posts

මහින්දව පරාජය කළ අපට ගෝඨාභය ගේමක් නෙවෙයි – පී. හැරිසන්

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අගමැතිගෙන් නියෝග

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්

colombotoday

මේ තත්ත්වය යටතේ කවදාවත් ක්‍රිකට් හදන්න වෙන්නේ නෑ

colombotoday

චීන මහ බැංකුවෙන් ලංකාවට ඩොලර්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday