Colombo Today Local News

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවට ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වන අවස්ථාවේ එම ස්ථානයේ ආරක්ෂාවට යොදවා සිටි ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ රාජකාරී පැහැර හැරීමේ චෝදනාව මත පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි.

මොරටුව, සොයිසාපුර ප්‍රදේශයේ අවන්හලකට පසුගියදා කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කළ අතර එම ප්‍රහාරයෙන් අනතුරුව එම අවන්හලේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබුණි.

එහෙත් ආරක්ෂාව යොදවා තිබියදී ද ඊයේ අළුයම මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් එම අවන්හලට වෙඩි තබා පලාගොස් තිබුණි.

එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ අදාල පොලිස් නිලධාරීන් තිදෙනා සිය රාජකාරී කටයුතු පැහැර හැර ඇති බවයි පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

Related posts

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

2021 සාමාන්‍ය පෙළට අයදුම්පත්‍ර භාරගැනීම දීර්ඝ කෙරේ

colombotoday

මොනරාගල ගංජ SSPගේ රියැදුරුගේ සේවය අත්හිටුවයි

Admin

අනුෂ පැල්පිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධුරයට

colombotoday

චීනයේ නිෂ්පදීත සයිහෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් එලැඹෙන සතියේ මෙරටට

colombotoday

ගාල්ලෙන් මන්ත්‍රී ආසනයක් අඩුවෙයි. බදුල්ලට වැඩි වෙයි.

colombotoday