Colombo Today Local News

රටේ වැසියන් ණයකාරයන් කර ඇති රටක මොන නිදහස් උත්සවද? නිදහස් දින උත්සවය මහින්ද අමරවීර වර්ජනය කරයි

කුඩා දරුවෙක් මේ වන විට රුපියල් ලක්ෂ හතරකට වඩා ණයකාරයෙක් කර ඇතැයිද රටේ ජනතාවට නිදහසක් නොමැතිවීම නිසා මෙවර නිදහස් දින උත්සවයට සහභාගී නොවන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය මහලේකම් හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි. 

මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසූයේ අඟුණකොළපැලැස්ස අබේසේකරගම ප්‍රදේශයේ ගොවි පවුල් එකසිය විස්සක් සඳහා පලතුරු සහ එළවළු පැළ ලබා දීමේ වැඩසටහනකට අද (3) සහභාගී වෙමිනි. 

රැස්ව සිටි පිරිස අමතමින් මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය. 

මේ රටේ හිටිය කිසිදු ආණ්ඩුවකට රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගන්න පුළුවන් වුණා කියල මම හිතන්නේ නැහැ. එහෙම වුණා නම් මේ අර අද තරම් අන්ත අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අවුරුදු හැත්තෑ එකක් වෙනවා අපේ රට නිදහස ලබලා. මම හැමදාම වගේ නිදහස් උත්සවයට ගිය කෙනෙක්. මම මේ සැරේ යන්නේ නැහැ කියල තීරණය කළා. නිදහස සමරලා උත්සවයක් තිබුණට වැඩක් නැහැ මේ රටේ මිනිස්සු නිදහස් වෙලා නැහැ. 

අපි සුද්දාගෙන් නිදහස් වුණා තමයි. සුද්දගෙන් නිදහස් වෙලා කළු සුද්දට පාලන බලය ආවා. හැබැයි සුද්දන්ගේ පාලන කාලයට වඩා මිනිස්සු අන්ත වෙලා තිබෙනවා ඇතැම් ක්ෂේත්‍ර වලින් දැන්. රටේ ජාතික ආදායම මදි වෙලා තිබෙනවා රටේ ණය ටික ගෙවාගන්න.

මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුව එයාලට යමක් කරාවි කියලා. පොඩි දරුවොත් ණයකාරයෝ කරල. රටේ දැන් ඉන්න එක් පොඩි දරුවෙක් ලක්ෂ හතරකට වැඩිය ණයකාරයෙක් කරලා. එන්න එන්න එය දැන් වැඩි වෙනවා. කවුරු මොන පොළියට ගත්තත් ඒව ගෙවන්න ඕනෑ. 

Related posts

ශ්‍රීලනිප බල අරගලයේ ජය මෛත්‍රීටද? මහින්දටද? තීරණය මැයි 01

colombotoday

ගෝටාභය ජනාධිපති වීම ස්ථීරයි එය වලක්වන්න බෑ… TNA සුමන්තිරන්

colombotoday

උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…

Admin

නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin

හිඟුරක්ගොඩටත් ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක්

Admin

අරාබි වෙස්ගෙන ජනපතිට කිට්ටු කළ අභිරහස් පුද්ගලයා ගැන විස්තරේ මෙන්න

colombotoday