Colombo Today Local News

රටට නායකයෙක් නෑ… රජයක් නෑ… ජනපති – අගමැති වගකීම බාරගෙන වැඩ කරන්න – අස්ගිරි නාහිමියෝ

රට තුළ විශාල අසමගියක් ඇතිවී ඇති බවත් මෙම තත්ත්වය ආරම්භ වූ දා සිටම මහා සංඝරත්නය හා රටේ විද්වතුන් නොයෙක් අවස්ථාවලදී ප්‍රකාශ කළත් රජය ඒ සම්බන්ධව වගකීමක් බාර නොගත් බවත් එම නිසා රට තුළ මෙවන් තත්වයක් උද්ගත වී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පවසති.

අද වන විට රට තුළ නොයෙක් ප්‍රදේශවල වල පොලිස් ඇදිරි නීතිය යොදා ඇති බවත් මේ ආකාරයට රට පැවතියහොත් මහා විනාශයකට රට පත් වන බවත් රජය ඒ නිසා විශේෂයෙන් අවධානය යොමු කර මේ ප්‍රශ්නය පිළිබඳව තීරණයක් ගැනීමට කටයුතු කළ යුතු බව මහානාහිමියෝ පැවැසූහ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ මෙසේද පැවැසුහ.

    ‘‘බොහෝ දෙනා අද කියන්නේ රටේ නායකයෙක් නෑ රජයක් නෑ රටේ ජනතාවට ආරක්ෂාවක් නෑ කියල ඒ බව රට දිහා බලන විටදී හා මේ ප්‍රශ්න දිහා බලන විට පේනව මේ බව වගකිව යුතු අයට නොයෙක් අවස්ථාවලදී දැනුවත් කළත් ඒ අය ගණන් නොගෙන නොඇසුන පරිදී හිටපු නිසා තමයි මේ තත්වයන් අද රට තුළ උදාවෙලා තියෙන්නෙ.

ඒ නිසා තව දුරටත් මේ තත්ත්වය උත්සන්න වුවහොත් විශාල හානියක් හා ජන හානියක් සිදුවෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙදීවත් අවධානයෙන් සැලකීමෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකතුව කටයුතු කරනවානම් මේ ව්‍යවසනය විපත්තිය නැති කර ගන්න පුළුවන්. ඒ නිසා වගකීමෙන් මහාසංඝයා සඳහන් කර සිටින්නේ මේ ප්‍රශ්නය පිළිබඳව අවධානයක් යොමු කර මේ ප්‍රශ්නයට විසඳුම් සොයන්නට රජය කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන නාහිමිපාණෝ පැවැසූහ.

Related posts

අර්ජුන් මහෙන්ද්‍රන් ගැන ජනපතිතුමා බලාගනී.. දිය යුතු උපරිම දඩුවම දෙනවා – ලක්ෂ්මන් යාපා

colombotoday

සිංහලෙන් එව්ව සිතාසිය ශ්‍රීධරන් බාර ගන්න බෑ කියයි

Admin

ආරක්ෂක ලේකම් ඉදිරිපත් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය

colombotoday

සම්භාහන මධ්‍යස්ථානයකට ගිය පුද්ගලයෙකු මරුට

colombotoday

සිනොෆාම් එන්නත දෙන්න දේශපාලන හිතවතුන්ට විතරක් රජමල්වත්තේ වෙනම ඇරුණු දොර

colombotoday

හදිසියේම කොළඹ නගරයේ ආරක්ෂාව තර කරයි

colombotoday