Colombo Today Local News

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

මැයි 11 වනදා සිට ජනජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව දිස්ත්‍රික් අතර ගමනාගමනය සිදුවිය යුතු ආකාරය සම්බන්ධයෙන් නව නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

දැනට සමස්ත දිවයිනටම ක්‍රියාත්මක ඇඳිරි නීතිය එළැඹෙන මැයි 11 වන දින අලුයම 5 දක්වා බලපැවැත් වෙයි.

මැයි 11 වනදා සිට ජන ජීවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ පිළිබඳව විශේෂ රෙගුලාසිද රජය විසින් මේ සතිඅන්තයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

රාජකාරි සඳහා වාර්තා කරන ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මේ වන විටත් සූදානමින් සිටින බව එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේය.

මැයි 11 වනදා සිට ක්‍රියාත්මක කෙරෙන නව වැඩපිළිවෙළ පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ, අත්‍යාවශ්‍ය සේවා සඳහා දිස්ත්‍රික් මායිම් පසුකර කොළඹ පැමිණිම සම්බන්ධයෙන් විශේෂ ක්‍රමවේදයක් මේ වන විටත් සකස් කර අවසන් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වු නීති හා රෙගුලාසි ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා පැවසීය.

Related posts

ලෝක සාමය රැකගන්න ජනපති මෛත්‍රීගෙන් උදව්

colombotoday

“මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජනපති තෝරන පාර්ලිමේන්තු ක්‍රියාවලියට බාධා කරන්න එපා” – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

colombotoday

මාතලේ මහ නරාධිපතිගේ සේවය අත්හිටුවයි

colombotoday

බදුර්දීන් මුලතිව් කුලාමරිප්පු රක්ෂිතයට බහී.. නීති විරෝධීව අරාබි කොලණියක් හදන්න යයි

colombotoday

වියළි කාලගුණයෙන් වූ වගා හානි ගණනයට ගුවන් හමුදා ඩ්‍රෝන යානා යොදා ගනී

Admin

අතුරුදන්වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීමේ පනත හා රණවිරු දඩයම

colombotoday