Colombo Today Local News

මැතිවරණ නීති උල්ලංඝනය කල පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 440දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (03)දින පෙරවරුවේ පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ අපේක්ෂකයන් 07දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවය.

නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් රජයේ වාහන 3ක් ඇතුළු රථවාහන 124 ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 264 ක් සහ අපරාධ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි 93 ක් මේ වන විට ලැබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

සමාජ ඒකාබද්දතාවය නංවන්න “සිතමු” ව්‍යාපෘතිය යලි අරබනවා – Worldview

colombotoday

විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

Admin

කොරෝනා වෛරසය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කළ නවතම හෙළිදරව්ව

colombotoday

ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිවරයෙක් අල්ලස් දැලේ

colombotoday

මේ ප්‍රදේශවලින් ඉක්මනින් ඉවත්වන්න! (Exclusive)

colombotoday

පිළියන්දල මාළු ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා

colombotoday